27 C
Colombo
16/05/2024

දැනුත් නුඹ ආවොතින්.. පන දෙනවා මේ හිතට…

Share with your friends :

අපි ගියපු මාවතක
මම ගියා ලගකදි..
අපෙ මතක මතක් වී
විද ගන්න ඔබෙ සුවඳ ..
මා නැතිව මැරෙයි කී..
මා නැතිව බැහැයි කී..
දෙනොදාහක් මැද්දෙ
මගෙ මුන අත ගෑව..
ඒ පුංචි අවන්හල..
ලගින් මම ඔහෙ යද්දි..
අහම්බෙන් දැක්කා මම..
තවත් ආදරියක් ලග..
නුඹ කියනවා..
නුඹ නැතුව මට බැහැනෙ
හුස්ම ටික නුඹනෙ මගෙ..
අනේ මගෙ රත්තරන්
මියැදුනේ මගේ හිත..
නුඹ තවම පන පිටින්
මරන්නට තවත් හිත්..
ඒත් මම ආදරෙයි ..
මොන කරැමයක්ද මන්දා..
දැනුත් නුඹ ආවොතින්..
පන දෙනවා මේ හිතට…
ගැහැනිය සැමදා පන දේවි මිය ගිය තම පෙු්මය ට ….හිස නමමි මම ඔබට…ඔබත් මමත් යශොදරා කුලයේය…
ජනාලි මධුරසිංහ ….

නිසඳැස් කවි ගී අරණ

Share with your friends :