27 C
Colombo
16/05/2024

සෞදියට ලොවම ආකර්ෂණය කරන කාන්තාරයේ Dream of the Desert

Share with your friends :

කාන්තාර තරණය කිරීම වඩාත් ආකර්ෂණීය කරමින් සෞදි අරාබිය නවීනතම පහසුකම් සහිත Dream of the Desert නම් සුඛෝපභෝගී දුම්රියක් නිර්මාණය කර තිබේ.

සෞදි අරාබි රජයට අයත් දුම්රිය සමාගම වන Saudi Arabia Railways (SAR) මෑතකදී සවුදි අරාබියේ පළමු සුඛෝපභෝගී දුම්රිය ව්‍යාපෘතිය සඳහා ඉතාලි සමාගමක් වන Arsenale Group සමඟ සෞදි රියාල් මිලියන 200 ක (ඩොලර් මිලියන 53.33) ගිවිසුමක් ඇති කර ගත්තේය.

සෞදි අරාබිය 2019 දී ජාත්‍යන්තර සංචාරකයින් සඳහා නිල වශයෙන් එහි දොරටු විවෘත කළ අතර එතැන් සිට විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා සියලු බාධා ඉවත් කරමින් සිටී.

සෞදි අරාබිය මෑත වසරවලදී ඉහළ මට්ටමේ සංචාරක ආයෝජන ගණනාවක් සිදු කර ඇත – ඒවා අතර වයඹ දිග සෞදි අරාබියේ කාන්තාරයේ ඩොලර් බිලියන 500 ක ආදර්ශ නගරයක් නිර්මාණය කර තිබේ.

සෞදි අරාබියේ නව දුම්රිය 2025 අගභාගයේදී සංචාරකයන් සඳහා විවෘත කරන්නට නියමිත අතර,එම දුම්රිය Dream of the Desert ලෙස නම් කර තිබේ.එය රියාද් අගනුවර සිට උතුරු මායිමේ ජෝර්දානයට ආසන්නව පිහිටා ඇති Qurayyat දක්වා “සුඛෝපභෝගී දුම්රිය ගමන් ලබා දෙනු ඇත.

කිලෝමීටර් 1,300 ක මාර්ගය සෞදි අරාබියේ විස්මිත කාන්තාර භූ දර්ශන හරහා මෙම ගමන යෙදී තිබේ.

“සෞදියේ සම්ප්‍රදායට අදාලව නිර්මාණය වුනු සුඛෝපභෝගී මැදිරි 40කින් සමන්විත මෙම දුම්රිය දැනටමත් නිර්මාණය කරමින් පවතින අතර වෙන්කිරීම් මේ වසර අවසානයේදී විවෘත කිරීමට නියමිතය.
මෙම දුම්රියේ උපරිම මගීන් 82 කට ගමන් කල හැක. එහි රාත්‍රී එකක් හෝ දෙකක් වෙන්කරවා ගැනීමට හැකියාව පවතී.

මෙම දුම්රියේ වේගය පැයට කිලෝමීටර් 300 දක්වා වන බව පැවසේ. පසුව මෙම දුම්රිය ජාලය සෞදි අරාබිය පුරා විහිදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එරටේ වයඹ දෙසින් පවතින මාර්ගවලට ද වැඩි දියුණු කිරීම් සිදු කෙරෙමින් පවතින අතර තවත් අධිවේගී සේවා පැමිණීමට නියමිතය.

2022 ජනවාරි මාසයේදී සෞදි අරාබියේ ආයෝජන අමාත්‍ය Khalid al-Falih මුළු රට පුරා කිලෝමීටර් 8,000 (සැතපුම් 4,970) දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කරන බව නිවේදනය කළේය.

සෞදි අරාබි ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට සහ තෙල් ආදායම මත යැපීම අඩු කිරීමට දරන ප්‍රයත්නයේ මුලික ධනොත්පාදන මාර්ගය සංචාරක ව්‍යාපාරයයි.

සෞදි අරාබිය ඉදිරි වසර 10 තුළ සංචාරක ව්‍යාපාරය සඳහා ඩොලර් බිලියන 800 කට වඩා ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති අතර 2030 වන විට වසරකට ජාත්‍යන්තර සංචාරකයින් මිලියන 70 ක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගෙන ඇත.

දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට රතු මුහුදේ වෙරළ තීරයේ නවතම සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක්ද ඇතුළත් වේ.

Share with your friends :