27 C
Colombo
06/05/2026

මියුසියස් විද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්

Share with your friends :

කොළඹ මියුසියස් විද්‍යාලයේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් දෙමාපියන් ගණනාවක් වින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත කල දැනුවත් කිරීම් මත ඒ සම්බන්ධයෙන් යලිත් පරීක්ෂණයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් මීට මාස තුනකට පමණ පෙරද ලැබුණු තොරතුරු මත පරීක්ෂණයක් සිදුකල අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවද අධ්‍යාපන අමාත්‍යංශය සතුව ඇති බවත් , මෙවර පරීක්ෂණය අවසානයේ ඒ සමබන්ධයෙන් සුදුසු පියවර ගනු ලබන බවත් එම ප්‍රකාශකයා පැවසීය.
මියුසියස් විද්‍යාලයේ සිසුවියන් රජයේ විභාග වලට පෙනී සිටින බවත් ,රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන බවත් එම නිසා රටේ නීතියට ගරු කරමින් විදුහලේ කළමනාකාරිත්වය කටයුතු කරනු ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
කොළඹ මියුසියස් විද්‍යාලයේ නිල ඇඳුම වෙනස් කිරීම , එහි සම්ප්‍රදායයන් හා බෞද්ධ පරිසරය වෙනස් කිරීමේ උත්සාහය ඇතුළු ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් මේ වන විට එම විද්‍යාලයේ වත්මන් භාරකාර මණ්ඩලය වෙත එහි ආදී ශිෂ්‍යාවන් හා දෙමාපියන් චෝදනා කර තිබේ.
සබැඳි පුවත් …..
කොළඹ මියුසියස් විද්‍යාලය රැක ගැනීමට එක්වන ලෙස දෙමාපියන්ගෙන් ආයාචනයක්….
මියුසියස් විදුහලේ 2024 ගාස්තු වැඩි කල ආකාරය ගැන දෙමාපියන්ගෙන් චෝදනා….
මියුසියස් ගුරුවරියන්ට කළමනාකාරිත්වයෙන් බලපෑම්…..

Share with your friends :