මෙරට ඉන්ධන වෙළෙඳපොළේ සයිනොපෙක් සමාගමේ කටයුතු හේතුවෙන් මෙරට අනෙකුත් ඉන්ධනහල් ගණනාවක් වැසී යන තත්වයක් ඇතිවී තිබේ,
මෙවර ඉන්ධන මිල සංශෝධන සංශෝධනයෙන් පසු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගමේ මිල ගණන්වලට වඩා රුපියල් තුනක් අඩුවෙන් සයිනොපෙක් සමාගම් විසින් ඉන්ධන නිකුත් කරමින් සිටී.
මේ තත්වය මත විශාල පිරිසක් සයිනොපෙක් වෙත යොමුවෙමින් සිටින්නේ විශාල වශයෙන් ඉන්ධන භාවිතා කරන ආයතන වලට මේ හරහා විශාල මුදලක් දිනපතා ඉතිරි වන බැවිනි. සයිනොපෙක් ආයතනය මේ හරහා ඉන්ධන ඒකාධිකාරයක් නිර්මාණය කරමින් සිටින අතර අනෙකුත් ආයතන වල නියෝජිතයන් වන ඇතැම් ඉන්ධනහල් වලට සේවක වැටුප් ගෙවීම පවා ප්‍රශ්නයක් වී තිබේ. ඉන්ධන මිල ඉඅහලයාම නිසා ඉන්ධන අලෙවියද අඩුවීමක් ඇතිවී තිබේ.
previous post
