27 C
Colombo
19/05/2024

රනිල් ගයන්තට දුන් “උරුමය” ඇම

Share with your friends :

විපක්‍ෂය වන සමග ජන බලවේගය නියෝජනය කරන ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ “උරුමය” ඉඩම් ඔප්පු බෙදීමේ සමාරම්භක උත්සවයට ගොස් මේ වන විට පටලැවිල්ලක් ඇති කරගෙන තිබෙන බව ප්‍රකට කරුණක්.

ඔප්පු බෙදීමේ අවස්ථාවට සහභාගී වීම මුල් කොටගෙන කරුණාතිලක මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් වන බවට රාවයක්ද පැතිර ගියා.

එම පටලැවිල්ලට ප්‍රතිචාර දැක්වීමට කරුණාතිලක මන්ත්‍රීවරයාට සිදු වූ අතර ඔහු මාධ්‍ය අමතා සඳහන් කළේ “උරුමය” ඉඩම් ඔප්පු බෙදීමේ වැඩ පිළිවෙල තමා යහ පාලන ආණ්ඩුවේ ඉඩම් අමාත්‍යවරයා ලෙස සිටින විට ආරම්භ කළ බැවින් තමා පක්ෂ බේදයකින් තොරව ඊට සහභාගි වූ බවයි.

තමා කිසි විටෙකත් සමගි ජන බලවේගය හෝ එහි පාක්ෂිකයන් අත හැර ආණ්ඩුවට නොයන බවද ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළා.

කරුණාතිලක මන්ත්‍රීවරයාව අසීරුවට පත් කළ එම වැඩ සටහනට සහභාගි කරවා ගැනීම සඳහා ජනපතිවරයා යෙදූ උපක්‍රම පිළිබඳව තොරතුරු මේ වන විට හෙළිදරව්ව තිබෙනවා.

මීට ටික දිනකට පෙර ජනපතිවරයාට කරුණාතිලක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මුණ ගැසී ඇති අතර එහිදී ඔහු ඉඩම් අමාත්‍යවරයා ලෙස සිටියදී ආරම්භ කළ මෙම ඔප්පු බෙදීමේ වැඩ පිළිවෙල මුරුංගා අත්තේ තබමින් ජනපතිවරයා කතා කොට ඇති බවයි එම කතාව අසාගෙන සිටි සෙසු මන්ත්‍රීවරු පවසන්නේ.

ජනපතිවරයාගේ මෙම ඇන්දවීමෙන් කරුණාතිලක මන්ත්‍රීවරයා අමන්දානන්දයට පත් වූ බව සඳහන් කරන එම මන්ත්‍රීවරු එහි ප්‍රතිඵලයක් ලෙස කරුණාතිලක මන්ත්‍රීවරයා එම ඔප්පු බෙදීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ බවද පෙන්වා දෙනවා.

මෙය සමගි ජන බලවේගය තුළ යම් අර්බුදයක් ගොඩ නැගීමේ අරමුණින් ජනපතිවරයා විසින් යෙදූ උප්පරවැටියක් බවයි එම මන්ත්‍රීවරුන්ගේ අදහස වන්නේ.

මේ වන විට ඉදිරි ජනපතිවරණය මුල් කොටගෙන කෙසේ හෝ සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සමඟ යළි එක්වීම සඳහා රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය දැඩි උත්සාහයක යෙදෙමින් සිටින බව ප්‍රකට කරුණක්.

Share with your friends :