27 C
Colombo
19/05/2024

ජනපතිගේ ලව් එකක් ගැන ඇමති මැතිසබේදී හෙළිකරයි! “ඉරිසියා නෑ..“ හොරෙන් ගිහින් වැඩ කරන හැටිත් කියයි

Share with your friends :

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලව් එකක් ගැන රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (08)පාර්ලිමේන්තුවේදී අදහස් පල කළේය.

සජබේ අය ජනාධිපතිට ලව් කිරීම ගැනත් ජනාධිපති සජබෙ අයට ලව් කිරීම ගැනත් ඉරිසියාවක් නැතැයි සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ
ජනාධිපති හමුවී සජබේ අය ඔක්කොම වැඩ කරගන්නා බවයි.

ඒ සියලු දෙනා ගැන තමා දන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

ආණ්ඩු පක්ෂයේ කාටවත් නොදුන් වරප්‍රසාද සමගි ජන බලවේගයේ ඉන්න අය හොරෙන් හොරෙන් ගිහින් ජනාධිපතිගෙන් ඉටුකර ගන්නා බවද චාමර සම්පත් මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තමන්ගේ මිනිසුන් බේරාගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් යැයි ද දසනායක මහතා පැවසීය.

Share with your friends :