27 C
Colombo
19/05/2024

මැතිසබේදී කියන්න දුන් කතාව ජනපති විසි කරයි! ජනපති ඇන්දවූ පට්ටපල් බොරුව මෙන්න

Share with your friends :

මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිගෙන්, රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙන දත්ත සහ සංඛ්‍යා ලේඛන විශ්වාස කරන්නට එපා යැයි කී මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේය.

මුදල් අමාත්‍යාංශය මූල්‍ය අරමුදලට දුන් දත්ත වැරදි බව ඔවුන්ම පිළිගත් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කතාවට මුදල් අමාත්‍යාංශය දුන් දත්ත වල බිලියන දහසක වෙනසක් තිබූ හෙයින් එම කතාව පාවිච්චියට නොගත් බව කී අලුත්ගමගේ මහතා මෙවැනි නිලධාරීන් තවදුරටත් තබාගන්නේ දැයි ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව සඳහන් කළේය.

Share with your friends :