27 C
Colombo
19/05/2024

පකිස්ථාන මහා මැතිවරණය-ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ අපේක්ෂකයන් පෙරමුණේ

Share with your friends :

පකිස්ථාන මහා මැතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව දැනට සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ අපේක්ෂකයන් පෙරමුණ ගෙන සිටිති. PTI පක්ෂය තහනම් කල හෙයින් ඔවුන් මැතිවරණයට ස්වාධීනව ඉදිරිපත් වුහ.
පාකිස්තානයේ දූෂිතම මහමැතිවරණය ලෙස විශේෂඥයන් අර්ථකථනය කළ එරට මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතියි.

දුරකථන සබඳතා, අන්තර්ජාල සබඳතා පවා විසන්ධි කොට ඊයේ (08) පැවති පාකිස්තාන මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවති‍යි.

මැතිවරණ ආසන 265න් 217 ක ප්‍රතිඵල දැනට නිකුත් කර ඇති අතර, ඉන් ආසන 88 ක ජය තහවුරු කර ගැනීමට, සිරගත ව සිටින ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට සහාය දක්වන අපේක්ෂකයන් සමත් වී තිබීම විශේෂත්වයකි.

එරට හිටපු අගමැතිවරයෙකු වන නවාස් ශරීෆ් ආසන 61 ක් දිනා ඇති අතර, ඝාතනයට ලක් වූ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ පක්ෂය දිනා ඇත්තේ ආසන 50 ක් පමණි. අනෙකුත් පක්ෂ ආසන 18 ක් දින ගෙන තිබේ.

අන්තර්ජාල දෝෂ නිසා ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ පමාවක් සිදු වන බව පාකිස්තාන මැතිවරණ කොමිසම පැවසුව ද තවත් පාර්ශ්ව පවසන්නේ, සිරගත කර සිටින ඉම්රාන් ඛාන්ගේ ටෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ අපේක්ෂකයින් ස්වාධීන ව ඉදිරිපත් වුව ද ඡන්ද ප්‍රතිඵලවලින් ඔවුන් පෙරමුණේ සිටීම නිසා සිතාමතා ප්‍රතිඵල ප්‍රමාද කරන බවයි.

Share with your friends :