27 C
Colombo
16/05/2024

මගෙ රං කඳ නිදනු හොඳින්…….

Share with your friends :

සමන් මලේමල් පෙති ගෙන
පුරවා සුවඳින් නල මුදු
සියොතුන්ගෙන් තටු අරගෙන
අතුරා සයනය සුසිනිදු
ළහිරු රැසින් සුව සයනය
උණුසුම් කර ඇතැත් දිනිඳු
ජෝ නාලා , කුක්කු බීලා
නිදියාවිද මගෙ සුදු දූ

රෝස මලේ මල් පෙත්තෙන්
නහවා පිණි බිංදු බිංදු
නෙළුම් මලේ මල් පෙත්තෙන්
පිසදා දිය බිංදු බිංදු
ආදරයෙන් තුරුළුවෙමින්
බීලා කිරි බිංදු බිංදු
මගෙ රං කඳ නිදනු හොඳින්
අසමින් ගී සිංදු සිංදු

ටිං ටිං ඇයි ගහ මුදුනේ
බෙරිහන් දී හඬ දෙන්නේ
කිටියා මොකද ලතෝනි දී
ගහ වට කොට දුවයන්නේ
බව්වා මොකද බුහ් , බුහ්, බුහ්
කිටියා වටේ රඟදෙන්නේ
නොකර සද්ද ඉන්න හොඳයි
මගෙ රං කඳ ඇහැරෙයිනේ

රෙදි කන්දක් තරමෙ තියේ
සෝදලා තව ඉවර නැතේ
ගේ ඇතුළත , හැඩි වූ මිදුල
අතු පතු ගෑවෙත් නෑනේ
වළං පිඟන් ටික හෝදලා
බත ඉදවන්නත් ඕනේ
සද්ද බද්ද කළොත් යාළු
බත වරදියි පිඟානේ

-Sithumini Gamage
නිසඳැස් කවි ගී අරණ

Share with your friends :