27 C
Colombo
16/05/2024

පැහැපත් සමකට රහස්

Share with your friends :

රූපය ලස්සන කරගන්න මිල අධික රූ සත්කාර කරන්න රූපලාවන්‍යාගාරවලට නිතර නිතර යන්නත් මේ කාලේ හැටියට ටිකක් අපහසුයි. ඒත් එහෙම කියලා ලස්සනට ඉන්නෙ නැතිව ඉන්නත් බැහැ. ඒ නිසා මේ වගේ කාලයක කරන්න තියෙන හොඳම දේ තමයි අපේ වටපිටාවෙන් වියදමක් නැතිවම හොයාගන්න පුළුවන් දේවල් භාවිතා කරලා රූපය ලස්සනට තබා ගැනීම. අධික මිල ගණන් දීලා ගන්න රසායන ද්‍රව්‍ය පිරුණු රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිත කිරීම සිරුරට එතරම් හොඳ නැති නිසා හැමවිටම ස්වාභාවික සත්කාරවලටම යොමුවීම සිරුරේ ලස්සනට වගේම නිරෝගීකමටත් හොඳයි.


මේ කියන්න යන්නේ ලංකාවේ අපිට රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් ලෙස එතරම්ම හුරු නැති ඔසු කිහිපයක එකතුවක් භාවිතා කර ලස්සන වෙන්නෙ කොහොමද කියලයි. ඒ තමයි ත්‍රිපලා ලෙසින් ආයුර්වේදයේ හඳුන්වන අරළු, බුළු, නෙල්ලි සංයෝගය. ත්‍රිපලා යන්නෙහි අරුත ඵල වර්ග තුනක් යන්නයි. මේ නමින් වෙළඳපොළේ ඔසු වර්ග මිලදී ගැනීමට තිබුණත් මේ කියන්නේ ඒ ගැන නොවේ. ආයුර්වේද විද්‍යාවේදී අරළු, බුළු, නෙල්ලි යන ඔසු තුන හඳුන්වන්නේ ත්‍රිපලා ලෙස. මේ ගෙඩි වර්ග තුන සමව ගෙන වියළා කුඩුකර රූපය ලස්සන කරගන්න අනර්ඝ ඔසුවක් ලෙස භාවිතා කරන්න පුඵවනි.

ලංකාවේ මෙය රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් ලෙස ජනප්‍රිය නොවුණාට ඉන්දියාවේ මේ ඔසු රුව ලස්සන කරන්න විවිධාකාරයෙන් භාවිත කරනවා. අරළු, බුළු, නෙල්ලි සංයෝගයේ එකතුව කියන්නේ ආහාර ජීර්ණයට උපකාරීවන, මලබද්ධය නැති කරන, මුඛ රෝගවලට ගුණ දෙන, ඇස් පෙනීම වර්ධනය කරන, සිරුරේ විස නසන සහ ප්‍රතිශක්තිය වැඩි කරන, වයසට යෑම පාලනය කරන වගේම රුධිරයේ සීනි මට්ටම අවම කරන ඖෂධයක්.

අරළු, බුළු, නෙල්ලි ගැන සුප්‍රසිද්ධ ඉපැරණි ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථයක් වන චරක සංහිතා සහ සුශ්‍රැත සංහිතාවෙත් සඳහන් වෙනවා. චරක සංහිතා ග්‍රන්ථයේ රසායන චිකිත්සා කොටසේ සඳහන් වන ආකාරයට මෙම වර්ග තුන එකට මිශ්‍රකර ආහාරයට ගැනීමෙන් වයස්ගතවීමත් සමග ඇතිවන මානසික සහ ශාරීරික දුබලතා අවම කරගන්න පුළුවනි. ඒ නිසා රූපලාවන්‍යයේදීත් සම වයස්ගතවීම පාලනයට මේවා යොදා ගන්නවා. මෙම ඔසුවේ ප්‍රති ඔක්සිකාරක බහුලව තිබීම එයට හේතුවක්. සම මතුපිට කුඩු ආලේප කිරීමෙනුත්, බීමක් ලෙස සකසා ගැනීමෙනුත් සමේ ලස්සන වගේම තරුණකම රැකගත හැකියි.

අරළු, බුළු, නෙල්ලි පානය හදන හැටි
විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරක බහුල මෙම ඔසු වර්ග තුන කුඩුකර එම කුඩු තේ හැන්දක් මඳ උණුසුම් වතුරට දමා හොඳින් දිය කරගන්න. මෙයට පිරිසුදු මී පැණි තේ හැන්දක් එකතු කර රාත්‍රී නින්දට පෙර හෝ උදෑසන හිස්බඩ පානයට ගන්න. මෙය සිරුර ඇතුළතින්ම ක්‍රියා කර තරුණ පෙනුමක් වගේම ලෙඩ නැති සිරුරක් ලබාදෙන්න උපකාරී වෙනවා.

මෙම පානය ඉන්දියාවේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය යි. මෙම පානය රාත්‍රී නින්දට පෙර හෝ උදෑසන හිස්බඩ පානයට ගන්නා පුද්ගලයින් සහභාගී කරගෙන සිදු කරන ලද පර්යේෂණයක් ඇසුරෙන් ලබා ගත් තොරතුරු අනුව, කාලයක් තිස්සේ මෙම ඔසුව පානයට ගත් පුද්ගලයින්ගේ සමේ පැහැදිලි වෙනසක් සිදු වී තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඔවුන්ගේ සමේ රැලි වැටීම් සහ වියළි ස්වභාවය ඉතා අවම බවද එම පර්යේෂණයේදී සොයාගෙන තිබෙන අතර එයට හේතුව මේ වර්ග තුනේ එකතුව රසායන ගණයට අයිති වීමයි. එයින් රසායනිකව රුධිරය පිරිසුදු කර වයස්ගතවීම පාලනය කරනවා.

මේ ඔසු එකට කුඩුකර එයින් තේ හැන්දක් දිනකට පානයට සුදුසුබව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මතයයි.

පැහැපත් සමකට ආලේපනයක්
සම මතුපිට ආලේපනයක් ලෙසත් මේවා භාවිත කළ හැකියි. ඒ සඳහා අරළු, බුළු, නෙල්ලි කුඩුවලට පොල්වතුර හෝ රෝස වතුර මිශ්‍ර කර පේස්ට් එකක් සකසා එය මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 20කට පමණ පසු සෝදා හරින්න. මෙසේ සකසා ගන්නා ආලේපනය සමට ඉතාමත් ගුණදායකයි.

හිසකෙස් රකින තෙලක්
හිසකෙස් සම්බන්ධ ගැටලුවලටත් මෙම ඔසුව ඉතා සුදුසුයි. හිස කෙස් වැටීම, අකලට සුදු වීම, කැඩීම සහ හිස් හොරි ආදියට මෙයින් කුඩු තේ හැන්දක් පොල් තෙල් සමග මිශ්‍ර කර හිසේ ආලේප කළ හැකිය. පොල්තෙල් මඳක් රත්කර එයට අරළු, බුළු, නෙල්ලි කුඩු මේස හැඳි 2ක් පමණ මිශ්‍ර කරන්න. ඉන්පසු හිසකෙස් කැඩී නොයන සේ ආලේප කරන්න. පැයකට පමණ පසු සෝදා හරින්න.

සමේ සහ හිසකෙස්වල ලස්සන ගැන පමණක් සැලකිලිමත් නොවී සිරුරේ හැඩය ගැනත් අවධානයෙන් සිටින ඕනෑම කෙනෙකුට මේ සංයෝගය දිව්‍ය ඖෂධයක්. එය සිරුරේ බර අඩු කරගැනීමටද උපකාරී වෙනවා.
එමෙන්ම මානසික ආතතිය මනසේ ඇතිවන තත්ත්වයක් වුණත්, එය අපේ සිරුරේ ලස්සන කෙරෙහි බලපානවා. මානසික ආතතිය නිසා සමේ පැහැදිලි වෙනස්කම් ඇතිවෙනවා. එපමණක් නොව දීර්ඝ කාලීනව මානසික ආතතියෙන් පෙළීම හිස්කෙස් හැලී යාමටත් හේතුවිය හැකියි. ඒ හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසයි. අරළු, බුළු, නෙල්ලිවල එකතුව කියන්නේ මානසික සමබරතාව රැකගන්න උදව්වන දිව්‍ය ඔසුවක්.

පැහැපත් සමකට ස්වභාවික ප්‍රතිකාර මෙන්න

01.කෝමාරිකා

බොහෝ දෙනෙක් දන්න සුවිශේෂී ගුණ සපිරි සුව ඔසුව ‘ කෝමාරිකා’ . ඝර්භ කලාපීය ප්‍රදේශ වල සරුවට වර්ධනය වන මෙම කෝමාරිකා ශාකය මාන්සලමය පත්‍ර වලින් යුක්ත වූ ශාකයකි. කෝමාරිකා ශාකයේ සාමාන්‍යයෙන් සෙ.මී. 60 ත් සෙ.මී. 100 ත් අතර පත්‍ර වර්ධනය වීමක් මේම ශාකයෙහි දක්නට ලැබේ. කහ පාටින් යුක්ත කුඩා පුෂ්ප හට ගන්නා මෙම කෝමාරිකා ශාකයේ ප්‍රයෝජන බොහෝය. විටමින් බි 12 කෝමාරිකා වල අඩන්ගු වේ.එමගින් හර්දය හා රුධිර සන්සරණය යහපත් තත්වයේ පවත්වා ගැනීමට හැකියාව ඇත. එමෙන්ම කැල්සියම්, සෝඩියම්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, විටමින් A,C,D,E වැනි සන්යෝග 200 ක් පමණ ප්‍රමාණයක් මෙම කෝමාරිකා ශාකයේ අඩන්ගු වේ.මන්ද මෙහි ඇති බීටා සිට්‍රෙස්ටෙරෝල් මගින් රූමටයිඩ්, ආතරයිටීස් වැනි සන්ධි රෝග සමනය මෙන්ම මාන්ශ පිඩු හොදින් ක්‍රියා කිරීමේ හැකියාවද ලබා දෙයි. රූපලාවන්‍යයේ දී බොහෝ වටිනා කමක් සහිත කෝමරිකා වලට සම සම්බන්ද ගැටලු විශාල ප්‍රමාණයක් මග හරවා සුන්දර පැහැපත් හිමි කර දීමට ඇත්තේ පුදුම හැකියාවකි. එලෙස ආකාර කිහිපයකින් අපට කෝමාරිකා භාවිතා කළ හැක. කෝමාරිකා මදය ගෙන එය සීනි සමග මිශ්‍ර කර මුහුන හොදින් සම්භාහනය කිරීමෙන් සමෙ මරුනු සම ඉවත් කර ගැනීමේ හැකියාව ඇත.කොමාරිකා මදය ස්වල්පයකට විටමින් ඊ කරලක් දමා ආලේප කිරීමේන් සමේ වයස්ගත පෙනුම මග හරවා , සමේහි රැලි වැටීම් පාලනය කරයි. එමෙන්ම කෝමාරික සමග කහ මිශ්‍ර කර ආලේප කිරීම සමේ පැහැය වර්ධනය කර ගැනීමටද ඇති හොදම විසදුමකි.

02.වෙනිවැල්

සිනිදු පොත්තක් සහිතව විශාලව වැවෙන වැලක් ලෙස වෙනිවැල් ශාකය හදුන්වා දිය හැක. මෙහි විද්‍යාත්මක නාමය Coscinium Fenestratum Gaerth වේ. මෙම මහා ඖෂධ ගුණයකින් යුක්ත වූ වෙනිවැල් ශාකය Menisrermaceae [ගුඩුවි] නම් කුලයට අයත් බව සදහන් වේ. මෙම වැලෙහි සෙ.මී. 10 / සෙ.මී. 20 අතර පමණ විශාල වූ පළල් හා රව්ම් වූ පත්‍ර දකින්නට ලැබේ. ශ්‍රී ලන්කාවේ පහත රට තෙත් කලාපයේ වනාන්තර වල මෙන්ම අතර මැදි කලාපීය වනාන්තර වලද මෙම ශාකය වැඩේ.

වෙනිවැල් [ වනුවැල්] ලෙස පැරැන්නන් හදුන්වන මෙම වැල් වර්ගය පයට පෑගීමෙන්ද පුදුමාකාර ඖෂධ ගුණයක් ලැබෙන ඔවුන් දැඩි ලෙස විශ්වාස කරන්නට විය.මිනිස් ශරීරයේ ඇති වන ලෙඩ රෝග රාශියකට වගේම , ලේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියටත් වෙනිවැල් වලින් ලැබෙන්නේ පුදුමාකාර ගුණයකි. එමෙන්ම ශරීරයෙ රුධිර සීනී මට්ටම පාලනය කරන ශරීර ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියාකාරීත්වයද උත්තේජනය කිරීමේ විශ්මිත ගුණයක් වෙනිවැල් සතුව පවතී. ඇගේපතේ වේදනාවන්, උණ, සෙම් රෝග ආදී තත්වයන් වලදීද සුව දෙන මෙම වෙන්වැල් ඖෂධීය වටිනකමින් ඉතාමත් ඉහල අගයක් ගනී.

ඈත අතීතයේ සිට අද දක්වාම ශරීරයට ගුණ දෙන මෙම වෙනිවැල් කාන්තාවන් තම රූප සම්පත්තිය වැඩි කර ගැනීම සදහා යොදා ගත් බවට සාධක ඇත. තමන්ගේ රූ සපුව අලන්කාර කර ගැනීමට වෙනිවැල් වඩාත් ගුන දායක බව ඔවුන් දැන සිටි කරුණක් විය.

ශරීරයේ ලෙඩ රෝග රාශියකට වගේම සමේ පැහැය වර්දනය කර ගනිමින් රන් වන් පැහැති සුන්දර සමක් හිමි කර ගැනීමටද වෙනිවැල් කියන්නේ දිව ඔසුවකි. කෑලි වශයෙන් හා කුඩු ලෙස මිලදී ගැනීමට හැකි වෙනිවැල් බෙහෙත් බඩු කඩවල් වලින් පහසුවෙන්ම මිලදී ගැනීමේ හැකියාව ඇත.
මෙම විශ්මිත හෙල ඔසුව ආකාර කිහිපයකින්ම අපට ප්‍රයෝජනයට ලබා ගත හැක.

වෙනිවැල් තම්බා පානය කිරීම අපේ ශරීරයේ රෝග රැසකට යෝග්‍ය වන අතරම මෙහි ඇති සුවිශේෂී ගුන මිනිස් ශරීරයේ නීරෝගී කම වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වේ.ප්‍රතිශක්තීකරණ ගුනය ඇති කර ලීමට සමත් මෙම විශ්මිත ඖෂදය පානය කිරීමෙන් ශරීරයේ ලෙඩ රෝග බොහෝමයකට ඔරොත්තු දීමේ හැකියාවද ඇති කරනු ලබනවා. ඒ වගේම වෙනිවැල් කුඩු විවිද ආලේපන වර්ග වලටද, පැක් වර්ග වලටද බහුලව යොදා ගන්නා අමුද්‍රව්‍යක් වේ.වෙනිවැළ් අඩන්ගු විවිධ නිශ්පාදනයන් ද වෙළද පොලේ අපිට දකින්නට ලැබෙනවා. මේ වෙනිවැළ් තැම්බූ ජලයෙන් මුහුන සේදීම මගින් මුහුන හොදින් පිරිසිදු කර ගැනීමටත් සමෙහි ඇති ළප කැලැල් මකා දමා ගැනීමටත් අවස්ථාව හිමි වේ.

03. සුදු හදුන්

ඖෂධීය වටිනාකමෙන් ඉහළ අගයක් ගන්නා සුදු හදුන් මීටර 6 ත් 10 ත් පමණ උසට වැඩෙන ප්‍රනීත සුවදකින් යුක්ත වූ කදක් සහිත ශාකයකි. මෙහි සෙ.මී. 6 පමණ දිගු පත්‍ර දැකිය හැක . මෙහි විද්‍යාත්මක නාමය Erythroxylum Novogranatens ලෙස සදහන් වේ. මෙම සුදු හදුන් ශාකය Santalaceae නම් කුලයට අයත් වේ.සුදු හදුන් ලෙස බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ මෙම ශාකය විවිධ නම් වලින් හදුන්වනු ලබයි. කදුකර ප්‍රදේශ වල හැදෙන ශාකයක් නිසා ‘මලයව’ යන අරුතින් ද උතුම් ශාකය යන අරුතින් ‘භද්‍රසී’ යනුවෙන් ද සුවදවත් ශාකය යන අරුතින් ‘ගන්දසාර’ නමින් ද සුදු පැහැති අරටුවක් ඇති හෙයින් ස්වේත චන්දන’ යනුවෙන් ද මෙම සුදු හදුන් ශාකය හදුන්වනු ලැබේ. දේශීය වෙද්‍ය විද්‍යාවේ ද ලෙඩ රෝග රැසකට සුව දෙන මේ සුදු හදුන් ශාකය වටිනා කම අතින් ඉතා ඉහල ස්තානයක පවතී. රූපලාවන්‍ය කටයුතු වලදීද බොහෝ ප්‍රයෝජනයට ගන්නා සුදු හදුන් සම පැහැපත් කිරීමට වර්තමානය වන විට බොහෝ කාන්තාවන් භාවිතයට ගන්නා අමුද්‍රව්‍යකි.විවිධ ආලේපන වර්ග සහ සුවද විලවුන් වර්ග සදහාද සුදු හදුන් යොදා ගනී. එමෙන්ම සුදු හදුන් , කහ, කඩල පිටි, මී පැණි සමග මුශ්‍ර කර ආලේප කර සම පැපැපත් කර ගැනීමට අද බොහෝ දෙනා පෙලබී සිටිනවා. ඇත්තෙන්ම එය ඔබේ සමට කරන්නට පුලුවන් හොදම සත්කාරයක් ලෙස පෙන්වා දිය හැක . ඔබ එදිනෙදා භාවිතා කරන පැක් වර්ග වලටද මෙම සුදු හදුන් මිශ්‍ර කර ආලේප කර හැකිය.


04. කහ

බොහෝ දෙනෙක් අතර ඉතාමත් ප්‍රචලිත රූපලාවන්‍ය අමුද්‍රව්‍යක් වන කහ සම පැහැපත් කිරීමට ඇති හොදම ස්වභවික සත්කාරයකි.කහ උපයෝගී කර ගනිමින් සකසන ලද විවිධ ආලේපන වර්ගද වෙළදපොලේ අපට දකින්නට ලැබේ. රන් වන් ලස්සන සමක් හැමෝගේම සිහිනයක්. රසායනික ද්‍රව්‍ය යොදා නිශ්පාදනය කරන ලද ආලේපන වර්ග භාවිතා කර සම විනාශ කර නොගෙන ස්වභහවිකවම පැහැපත් වීමට මේ කහ අපට උපකාරී වේ. කහ ශරීරයේ ගැල්වීමෙන් මැරුනු සම ඉවත් වන බව තහවුරු කර ගෙන ඇත.එම නිසාම සම පැහැපත් කිරීමේ ආලේපනයක් ලෙසත්, අකලට සම වයසට යෑමේ වැළැක්වීමටත්, සුන්දරත්වය වර්ධනය කරන ඖෂධයක් ලෙසත් කහ අතීතයේ සිටම භාවිතා වේ.වෙළද පොලේ දකින්නට ලැබෙන බොහෝ ආලේපන වර්ග වලද කහ සන්යෝග කර සකසා ඇත්තේ කහවල සතු මෙම සුවිශේෂී ගුණය නිසාමය.

05.කුන්කුම

මිලෙන් අදික බව පවසන කුන්කුම හෙවත් රතු රත්තරන් කව්රුත් දන්නා කුලු බඩු වර්ගයක් ද වේ. ‘ක්‍රොකස්’ නැමති මලෙන් ලබා ගන්නා රේනු වලින් මෙම කුන්කුම සාදනු ලැබේ. මෙය පොළව මතු පිට හට ගන්නා කුඩා පැළෑටියකි.ඉතාලිය,ප්‍රන්ශය,ඉරානය, කාශ්මීරය යන රටවල් වල මෙම පැළෑටිය වැඩි වශයෙන් වගා කරයි.යුවතියන්ගේ රුව රකින රූපලාවන්‍ය උසු අතර කුන්කුම වලට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි.සම මතුපිට පවතින මැරුණු සෛල ඉවත් කරමින් සම පිරිසිදු සහ ප්‍රතිඔක්සීකාරකයක් ලෙසද මෙය ක්‍රියා කරයි. වයස් ගත පෙනුම පාලනය කර තරුණ පෙනුම රැක ගැනීමට කුන්කුම දායක වේ. කිරි වීදුරුවකට කුන්කුම රේනු තුන හතරක් දමා පානය කිරීම මගින් සමේ පැහැපත් බව වර්ධනය කර ගනිමින් සමේ සුන්දරත්වය ආරක්ශා කර ගැනීමට හැකියාව ඇත.විවිද ක්‍රීම් වර්ග වලද කුන්කුම සන්යෝග කර ගනිමින් නිපදවා ඇත්තේ කුන්කුම සතු මෙම සුවුශේෂී ගුනය නිසාමය.


06.කොහොඹ

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සහ අයුර්වේදයේද බහුලව භාවිතා වන කොහොඹ ශාකය අඩි 50 ක් පමණ උසට වර්ධනය වන ශාකයකි. ඉන්දියාව,මැලේසියාව හා ශ්‍රී ලන්කාවට ආදේශික ශාකයක් ලෙස කොහොඹ ශාකය හදුන්වනු ලබයි. මෙම ශාකය ශ්‍රී ලන්කාවේ වියළි කලාපයේබහුලව දකින්නට ලැබේ.මෙම ශාකය විද්‍යාත්මකව Azadirachta Indica ලෙස හදුන්වනු ලබයි.කොහොඹ දළු වල ඇති සාරය මගින් බැක්ටීරියා ආසාදන නිසා ඇති වන කුරුලෑ තත්වයන් සහ ලප කැලැල් දුරු කිරීමට හැකි බවද ආයුර්වේදයේ සදහන් වේ. කොහොඹ කොළ කොටා මුහුනේ ආලේප කරිමෙන් කුරුලෑ ආසාදන සුවපත් කිරීමට හැකියාවක් ඇති බව ඔවුන් පෙන්වා දේ. විවිද රාසායනික ආලෙපන භවිතා කිරීමෙන් ඇති වී තිබෙන ආසාදන තත්ව මෙන්ම බ්ලීචීන් අසාදන ද සුවපත් කිරීමට හොදම ඖෂදය කොහොඹ ලෙස පෙන්වා දිය හැක.

07.ගොටුකොළ

ආහාරයක් වශයෙන් මෙන්ම ඖෂදයක් වශයෙන් භාවිතයට ගත හැකි ‘ගොටුකොළ’ ඉන්දියාව, ශ්‍රී ලන්කාව ඇතුලුව නිවර්තන කලාපීය සහ උප නිවර්තන කලාපීය රටවල සරුවට වැවෙනා කුඩා පැළෑටියකි. සන්ස්කෘත භාෂාවෙන් දිව්‍ය මහා ඖෂදී’ ලෙස හදුන්වන මෙම ශාකය පෝශන ගුණ රාශියකින් සමන්විත වේ.ප්‍රෝටීන්, විටමින්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා කෙරටීන් ද ගොටුකොළ වල වැඩි වශයෙන් අන්තර්ගත වී ඇත. කුඩා දරුවන්ගේ බුද්දි වර්ධනයද ගොටුකොළ මගින් සිදු වන බවට පර්යේෂණ වලින් අනාවරනය වී තිබේ.ගොටුකොළ යුෂ පානය කිරීමෙන් ඔබේ සුන්දරත්වය වැඩි කිරීමේ හැකියාව පවතින බවද ආයුර්වේදයේ සදහන් වෙනවා. එමගුන් ඔබේ සම ප්‍රනවත් කර රැළි වැටුනු ස්වභාවයන් ඉවත් කර සම පැහැපත් කිරීමට දායක වන වබද ඔවුන් පෙන්වා දෙන අතට මේ ගොටුකොළ මගින් ඔබේ හිසකෙස් සම්බන්ද ගැටලු මගහරවා ගනිමින් දිගු නීරෝගී කෙස් කලබක් පවත්වා ගැනීමටද ඔබට උපකාරී වනු ඇත.

Share with your friends :