27 C
Colombo
16/05/2024

ලස්සන කෙස් කලඹක්!

Share with your friends :

කාන්තාවන්ගේ සිරුරේ ලස්සන මණින එක අංගයක් තමයි කේෂ කලාපය.
කෙස් කළඹ මගින් කාන්තාවකට ලබා දෙන්නේ ඉතා අගනා සුන්දරත්වයක්
ලස්සන කෙස් කළඹක් තියෙන කාන්තාවක් දැක්කම ගොඩක් අය ඒ දිහා බලනවා.
බොහෝ අයට තියෙනවා මේ කෙස් කලඹ ආශ්‍රිත ප්‍රශ්න. මේ නිසාම සෑම කාන්තාවක්ම නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට සිහින මවනවා . වර්තමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් වන්නේ හිස කෙස් අග පැලීමයි.


හිස කෙස් අග පැලීමට හේතු වන කරුණු

හිස කෙස් නිරන්තරයෙන් වැඩි කාලවේලාවක් හිරු රශ්මියට නිරාවරණය වීම.
තෙත හිසකෙස් වේලා ගැනීමට හෙයා ඩ්‍රයර් එක උණුසුම වැඩි කර භාවිතා කිරීම.
හිසකෙස් මෝස්තර දැමීම ස දහා යොදන රසායනික ද්‍රව්‍ය මගින් (හෙයා ස්ට්‍රේට් , හෙයා කලරින් , ෆර්මින් ආදිය)
හෙයා අයන් නිතර භාවිතා කිරීම.
හොඳ නින්දක් නොමැති වීම.
පෝෂ්‍යදායී ආහාර රටාවක් නොලැබීම.
නිදන්ගත රෝග.
පෝෂණ ඌණතා.
විවිධ බෙහෙත් වර්ග භාවිතය
විටමින් වර්ග පාලනයකින් තොරව භාවිතා කිරීම වැනි හේතු හිස කෙස් අග පැලීමට හේතු වේ.

හිස කෙස් අග පැලීම වලක්වා ගන්නේ කොහොමද ?

ආහාර වේලට ප්‍රෝටීන් අඩංගු ආහාර එක්කර ගැනීම.
හිස කෙස් සදහා භාවිතා කරන ආලේපන වල ප්‍රමිතිය පිළිබදව සැලකිලිමත් වීම.
හෙයා ස්ට්‍රේට් , කලර් , රීබොන්ඩින් ,ෆර්ම් වැනි කොණ්ඩ සැකසීම් සිදු කිරීමට ප්‍රමිතියෙන් යුත් ද්‍රව්‍ය භාවිතය
කෝමාරිකා, පිරිසුදු පොල්තෙල්, කරපිංචා, පොල් කිරි, මී පැණි, බිත්තර, සුදුලූනු, කලුදුරු, එඬරු තෙල්, ඔලිව් තෙල් ,උලුහාල් වැනි දේවල් භාවිතකර විවිධ තෙල් වර්ග නිවෙසේ දී සාදාගැනීම.
හැකි සෑම විටම ස්වභාවික ආලේපන පාවිච්චි කිරීම.
මාසෙකට වරක් පමණ හිස කෙස් අග කැපීම.
ඉතා පිරිසුදු පොල් තෙල් භාවිත කරමින් හිස කෙස් සම්බාහනය කිරීම
ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම.
කෘත්‍රිම ආහාර වලින් ඉවත් වී සමබල ආහාර වේලක් හැමවිටම ලබා ගැනීම.
අනවශ්‍ය ලෙස හිසට සුදුසු නැති මෝස්තර දැමීම ආදියෙන් වැළකීම.
ලාභය පිළිබද සිතා ප්‍රමිතියෙන් අඩු ෂැම්පු , කන්ඩිශනර් ,ලෝෂන් වර්ග භාවිත කිරීම නිසා කෙස් ගහේ වර්ධනයට බාධා ඇති වී ඒවා දුර්වර්ණ වී, දුර්වල වී, කෙස් අග පැලීම නිසා අවලස්සන පෙනුමක් ලැබෙනවා , කෙස් ගසේ මුලට කරන සත්කාරය අනුව හිස කෙස් පෝෂණය වෙනවා
මේ කාලේ හැටියට අඩු වියදමකින් තමන්ගේ කේෂ අලංකරණය තමන්ටම කරගන්නත් පුළුවන් කම තියෙනවා


– දිලිසෙන ලස්සන කෙස් වලට
හොඳ පිරිසිදු මීකිරි නෑමට විනාඩි 20කට පමණ කලින් හොඳින් කෙස්වල ගලවා සිට හිස සෝදන්න.
– හිසකෙස් වැටෙනවට
මීකිරි ස්වල්පයකට බිත්තරයක් දමා හොඳින් කලවම් කොට හිසගලවන්න. විනාඩි 20ක් පමණ හොඳින් සම්බාහනය කොට සෝදා හරින්න.
– ඉස්හොරි වලට
මීකිරි වලට ලෙමන් යුෂ එකතුකොට හොඳින් කලවම්කොට හිසේ, හිස්කබලට දැනෙන ලෙස ගලවා සම්බාහනය කොට විනාඩි 10ක් පමණ සිට සෝදා හරින්න.


– හිසකෙස් වියලීම නැවතීමට (කන්ඩිෂන් ලෙස)
මීකිරි වලට මීපැණි ස්වල්පයක් එකතුකොට හොඳින් හිසේ ගලවා විනාඩි 20ක් පමණ සිට සෝදා හරින්න.
මෙය කන්ඩිෂන් එකක් ලෙස හිසකෙස්වලට යොදන හොඳ ස්වභාවික ගල්වනයක්.
මේ සියලු ප්‍රතිකාර ක්‍රම ආයුර්වේද ක්‍රමයට නිවසේදී කරගන්න පුළුවන් යහපත් ප්‍රතිකාර.
නිතර කිරීමෙන් යහපත් ප්‍රථිපල ඉතා කෙටිකලකින් ලබාගන්න පුළුවන්
මෙහිදී කිසිවක් මිශ්‍ර නොවුණු පිරිසිදු මීකිරි භාවිතා කිරීම වැදගත්

මෙවැනි දේවල් පිළිබදව අවධානය යොමු කිරීමෙන් ඉතාමත් ලස්සන දිදුළන, නිරෝගිමත් , ආකර්ෂණීය පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කීමට ඔබට හැකිවේවි.

Share with your friends :