27 C
Colombo
06/03/2026

මරෙන්සාගේ පේවීම

Share with your friends :

වසත් උදා ඉර අව්වේ
මදනලේ වෙලී නටන
මල් සූගන්ධයේ එතුණ
සීත තුෂර පිණි හාදු පිදු
රන් රුවින් දිලූන
දෙව්ලියේ අප්සරා

රන් වැටකොලු මලෙක ඇවුණු
නිල් කටොරොළ් මල නෙලන්න
පේවෙමි මම ඔබේ නමින්
සිත් දැහැනට වඩිනු මැනවි
දෙව්ලියේ අප්සරා

නිල් මහනෙල් මලෙක පාට
ඇඟ තැවරූ
සුර රද තෙම
සිසි මඩලේ
ඇඳි රෑප ශ්‍රියා වේ
ආකාශ අප්සරා

නිල් කටොරොළ් මලෙක ඇවුණු
රන් වැටකොල් මල නෙලන්න
පේවෙමි මම ඔබේ නමින්
සිත් දැහැනට වඩිනු මැනවි
දෙව්ලියේ අප්සරා

Wijayaratne Badullage

Share with your friends :