27 C
Colombo
06/05/2024

19න් පහළ ලෝක කුසලානයත් ඔස්ට්‍රේලියාවට

Share with your friends :

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් තරගය ජයගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙවර ශූරයින් බවට පත්විය.

එහිදී ලකුණු ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය යෞවන ක්‍රීඩකයින් පන්දුවාර 43යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 174ක් පමණි.

ඒ අනුව අවසන් තරගය ලකුණු 79කින් ජයගත් ඔස්ට්‍රේලියා යෞවනයින් මෙවර 19න් පහළ ලෝක කුසලානය හිමිකරගත්තේය.

2023 වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේද අවසන් තරගයේදී මුහුණට මුහුණ හමුවූයේ ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

එම තරගාවලියේදී අපරාජිතව අවසන් මහා තරගය දක්වා පැමිණි ඉන්දීය කණ්ඩායම අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව අතින් පරාජයට පත්විය.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදීද සුපිරි දක්ෂතා දැක්වූ ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ තරගාවලියේ අපරාජිතව දක්ෂතා දක්වමින් පැමිණ අවසන් තරගයේදී ඔස්ට්‍රේලියා යොවුන් ක්‍රීඩකයින් හමුවේ දෛවෝපගත ලෙස පරාජයට පත්විය.

අද පැවති තරගයේදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් Adarsh Singh ලකුණු 47ක් රැස්කරගත්තේය.

මැදපෙළ පිතිකරුවන් එකපෙළට කඩාවැටෙද්දී Murugan Abhishek විසින් ඉන්දීය 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් යම්තාක් දුරකට බලාපොරොත්තු සහගත ඉනිමක ගොඩනැගීමට සමත්විය.

පන්දු 46කදී හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ඉනිම ගොඩනැගූ ඔහු ලකුණු 42ක් රැස්ක්රගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා 19න් පහළ ක්‍රීඩකයෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් රැස්කර ගැනීමට සමත්විය.

අගනා පිතිහරඹයක නියැලුණු Harjas Singh පන්දු 64කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 55ක් රැස්කරගත්තේය.

නායක Hugh Weibgen ලකුණු 48ක් රැස්කරගත් අතර Harry Dixon ලකුණු 42ක් රැස්කර ගත්තේය.

අවසානයේ කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට එසැවීමේ බර කරට ගත් Oliver Peake ආරක්ෂාකාරීව ඉනිමක් ගොඩනැංවීමට සමත්විය.

පන්දු 43කදී ලකුණු 46ක් රැස්කරගත් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2ක් ද ඇතුළත් විය.

අගනා පන්දු යැවීමක නිරතවූ Raj Limbani පන්දුවාර 10ක් යොමුකරමින් ඔස්ට්‍රේලියාවේ කඩුලු ක් දවාගැනීමට සමත්විය.

Naman Tiwari කඩුලු ක් දවාගත් අතර Saumy Pandey සහ Musheer Khan එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

Share with your friends :