27 C
Colombo
19/05/2024

රජයේ ලොක්කෙකුට ලක්ෂ ගාණක පඩි වැඩිවීමක් – මාසික පඩිය අහන්නත් පුදුමයි!

Share with your friends :

රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ රටවැසියන් පත්ව ඇති පීඩනය පිළිබඳව අමුතුවෙන් පැහැදිළි කළ යුතු නැහැ.

මෙවන් පසුබිමක ආර්ථික විශේෂඥයන්ගේ සිට දේශපාලනඥයන් දක්වා විවිධ පිරිස් මතු කරන විශේෂ කරුණක් වන්නේ රාජ්‍ය සේවයේ වියදම අඩු කිරීම යි.

එවැනි අදහස් මෙන්ම මෙම ආර්ථික අර්බුදය හමුවේ ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳවත්, රටෙහි ආර්ථිකය වෙනුවෙන් බදු බර සහ උද්ධමනය ඉවසිය යුතු බවටත් වූ විවිධ ප්‍රකාශ ආණ්ඩුවේ පිරිස්ම ඉදිරිපත් කරන වාතාවරණයක රාජ්‍ය සේවකයෙකු ලබා ඇති අමුතුම ආකාරයේ වැටුප් වර්ධනයක් පිළිබඳ වාර්තා වෙනවා.

මෙම පුද්ගලයා ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන්නේ රජයේ ප්‍රධාන අමාත්‍යංශයක බව සඳහන්.

ඔහු පසුගිය ජනවාරි මස සිට රුපියල් හත්ලක්ෂ දොළොස් දහසක (712,000) වැටුප් වර්ධකයක් ලබාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම වැටුප් වර්ධනයට පෙර ඔහු ලබා ඇති මාසික වැටුප රුපියල් නවලක්ෂ හැත්තෑ හතර දහසක් (974,000).

වැටුප් වර්ධනයෙන් පසු එම වැටුප රුපියල් දහසය ලක්ෂ අසූහත් දහසක් (1,687,000) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රටෙහි ආර්ථික අර්බුදයක් පවතින පසුබිමක සිය වැටුප ඔහු මෙලෙස ඉහළ නංවාගෙන තිබීම පුදුම සහගත බවයි එම අමාත්‍යංශයට අදාළ වෘත්තිය සමිති කිහිපයක නායකයන් ද සඳහන් කරන්නේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ එම අමාත්‍යංශ ලේකම්වරයා අදාළ අමාත්‍යංශයේ සේවය කරන්නේ ද්විතියික පදනමින් බව යි.

Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp