27 C
Colombo
19/05/2024

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

Share with your friends :

ශ්‍රී ලංකාව ඇද වැටුණු ආර්ථික ආගාධයේ තරම පිළිබඳව අමුතුවෙන් පැහැදිළි කළ යුතු නැහැ.

එමෙන්ම මේවන විටත් සාමාන්‍ය වැසියන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

එදා සිට මෙරට සිටි සහ සිටින දේශපාලනඥයින් සියල්ලෝම මෙම තත්ත්වයට වගකිව යුතු බව සැවොම පිළිගන්නා කරුණක්.

එමෙන්ම දේශපාලනඥයින්ගේ දූෂණය, නාස්තිය මෙන්ම මහජන මුදල් අවභාවිතය ද මෙම ආර්ථික අර්බුදයේ හේතු ලෙස දැක්වෙනවා.

සාමාන්‍ය ජනතාවට ආහාර වේලක් සපුරා ගැනීමට පවා නොහැකි වී ඇති එවන් පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා පිළිබඳ අමුතුම ආකාරයේ අනාවරණයක් පිළිබඳව යි මේ පුවත.

පසුගිය වසරේ (2023) දෙසැම්බර් මාසය වෙනුවෙන් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටි අටකට අධික මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ වාර්තා පෙන්වා දෙනවා.

නිශ්චිතවම එම මුදල රුපියල් 87,097,667.13ක් බව සඳහන්.

එක් මාසයක කාලයක් තුළ පමණක් මෙලෙස අධික මුදලක් වැය වීම විශේෂත්වයක්.

එමෙන්ම මෙයට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් 58 දෙනා සහ විපක්‍ෂනායකවරයාගේ වැටුප්, රියැදුරු, සංග‍්‍රහ දීමනා ඇතුළත් වී නැහැ.

ඉහත කී අයට වැටුප් සහ දීමනා ගෙවන්නේ පාර්ලිමේන්තුව මගින් නොවන නිසා ඔවුන් සඳහා වැය වූ මුදල් අදාල වාර්තාවට ඇතුළත් වී නොමැති බව සඳහන්.

ඉහත පුද්ගලයින්ගේ වැටුප් ද ඇතුළුව දේශපාලනඥයින් වෙනුවෙන් වැය කළ සැබෑ වියදම ගණන් බැලුව හොත් එය ඉතා විශාල අගයක් වනු ඇති.

මේ අතර ඉහත සඳහන් කළ රුපියල් කෝටි අටෙන් වැඩිම මුදලක් වැය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික‍්‍රමසිංහ වෙනුවෙන්.

ඇයගේ වැටුප වන රුපියල් 54,285.00 මුදල සහ සෙසු දීමනා සමග රුපියල් හාරලක්‍ෂ අසූතුන් දහස් පනස් හතරයි ශත පහළොවක (483,054.15) මුදලක් ඇය වෙනුවෙන් වැය වී තිබෙනවා.‍

අගමැති දිනේෂ් ගුණවර්ධනට පාර්ලිමේන්තුවෙන් හිමි දීමනා ලෙස රුපියල් තුන්ලක්‍ෂ අටදහස් හාරසිය දහසයයි ශත විසිහයක් (308.416.26) ලැබී තිබෙනවා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසට ලැබී ඇති පාර්ලිමේන්තු දීමනාව රුපියල් තුන්ලක්‍ෂ අටදහස් හාරසිය දහසයයි ශත විසිහයක් (308,416.26) බව සඳහන්.

කව ද හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂට මන්ත්‍රී වැටුප සහ දීමනා ලෙස රුපියල් තුන්ලක්‍ෂ අනූඅටදහස් පනස් හතරයි ශත පහළොවක් (398,054.15) ද මෛත්‍රිපාල සිරිසේනට මන්ත්‍රී වැටුප සහ දීමනා ලෙස රුපියල් හාරලක්‍ෂ හතළිස් නවදහස් නවසිය හතයි ශත හතරක් (449,907.04) ලැබී තිබෙනවා.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිටියදී පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්‍ෂවරයා විසින් සහතික කර ලබා දුන් 2023 වසරේ දෙසැම්බර් මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා වාර්තාවල මෙම තොරතුරු සටහන් කර තිබෙනවා.


තවත් පුවත් > > >

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)
“මම ඒක භුක්තිවිඳලා ඉවරයි” – මහින්දගෙන් මාධ්‍යවේදීන්ට අමුතු පිළිතුරක්
රජයේ ලොක්කෙකුට ලක්ෂ ගාණක පඩි වැඩිවීමක් – මාසික පඩිය අහන්නත් පුදුමයි!

 

Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp

“මමත් දැන් දුවෙක් ඉන්න පියෙක්” – සජිත් නුවර දී ඇත්තම කියයි

sp