27 C
Colombo
19/05/2024

“මම ඒක භුක්තිවිඳලා ඉවරයි” – මහින්දගෙන් මාධ්‍යවේදීන්ට අමුතු පිළිතුරක්

Share with your friends :

පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් මේවන විට මෙරට දේශපාලන කරළියේ දැඩි කතාබහක් හටගෙන තිබෙනවා.

ඇතැම් පිරිස් මත පළ කරන්නේ අනිවාර්යයෙන් පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණය වෙනුවට මහමැතිවරණයක් පැමිණිය හැකි බව යි.

එමෙන්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ කතාබහ ද නැවතත් සමාජයට පැමිණ තිබෙනවා.

මෙවන් පසුබිමක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් මෙම කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්ණ කොට සිටියා.

එහි දී ඔහු සහ මාධ්‍යවේදීන් අතර සිදු වූයේ මෙවන් සංවාදයක්.

මාධ්‍යවේදීන්: ”විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ කියලා කියනවා. ඔබතුමාගේ මතය කොහොමද?” 

මහින්ද: “අවුලක් නෑ. මම හිටපු එකනේ. මම දැන් ඒක භුක්ති විඳලා ඉවරයි. හැබැයි ඉතින් ඒක නැති කළොත් හොඳයි. අද රටම කියන්නෙ ඒක නැති කරන්න කියලනෙ”

මාධ්‍යවේදීන්: ”මේක ජනාධිපතිවරණය කල් දාගන්න කරන උගුලක් කියලා විපක්ෂයෙන් කියනවා?”

මහින්ද: “වෙන්නත් පුළුවන් ඉතින්. රනිල්ව අඳුනනවානෙ අපි. ඒක වෙන්නත් පුළුවන්”

මාධ්‍යවේදීන්: ”සර් ඉදිරි මැතිවරණ කොහොමද?”

මහින්ද: ”මොන මැතිවරණය ආවත් අපි දිනනවා. ජනාධිපතිවරණය ආවත් අපේ අපේක්ෂයා දිනනවා, මහ මැතිවරණය තිබුණත් ඒත් අපේ අපේක්ෂකයො දිනනවා”

මේ අතර මෙහි දී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්වේද යන්න පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.

එහි දී ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

“ඒක අපි වෙලාවට නම් කරන්නම්කො. ඉන්නකො”

තවත් පුවත් > > >

තමන්ම රෑ නිදිකරවූ බිරිඳ පසුදා ඇඳේ සිටි අයුරු දුටු සැමියාට තරු පෙනෙයි
පාසලේදීම මත්පෙති බීපු 5 වසර සිසුන්ට අත් වූ ඉරණම
TIN අංකය ගත්තෙ නැද්ද? ගැටලුව මෙන්න!
ඥාණසාර හිමි මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලයි
කැම්පස් අනාවරණයෙන් පසු කතරගම යාචකයන්ට සිදුවූ දේ
Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp