27 C
Colombo
19/05/2024

කැම්පස් අනාවරණයෙන් පසු කතරගම යාචකයන්ට සිදුවූ දේ

Share with your friends :

කතරගම පූජා භූමියේ යාචකයින් පිළිබඳව පසුගිය දිනෙක මහාචාර්යවරයෙකු ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළා.

සරසවි සිසුන් විසින් කතරගම යාචක පිරිස් සම්බන්ධයෙන් කළ සමීක්ෂණයක තොරතුරු අනාවරණය කරමින් ඔහු කියා සිටියේ යාචක වෙස්ගත් විශ්වවිද්‍යාල සිසුන් පැයක කාලයකදී රුපියල් 4000ක මුදලක් උපයාගත් බව යි.

මෙම හෙළිදරව්ව රූපවාහිනී නාලිකා ද වාර්තා කළ අතර සමාජ ජාල තුළ ද මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් හටගෙන තිබුණා.

මේ අතර සිඟමන් යැදීමෙන් එපමණ මුදලක් පහසුවෙන් උපයාගත හැකි බවට වූ එම හෙළිදරව්ව මාධ්‍ය මඟින් ප්‍රසිද්ධවීමත් සමග කතරගම පූජා භූමිය තුළ සහ අවට යාචකයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව වාර්තා වෙනවා.

වැඩිදුරටත් පැවසෙන්නේ කතරගම සහ ඒ අවට ප්‍රදේශවල ජීවත් වන්නන් වැඩි වශයෙන් යාචකයන් ලෙස හැසිරීමට පටන් ගෙන ඇති බව යි.

තිස්සමහාරාමය, බෙරලිහෙල, බුත්තල, හම්බන්තොට ඇතුළු ගම් රැසක ආර්ථික පීඩාවෙන් ජීවත්වන අඩුආදායම්ලාභීන් මෙසේ වන්දනාකරුවන්ගෙන් සිඟමන් යැදීමට කතරගමට පැමිණ ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර පාසල් ගමන නතර කළ බාලවයස්කාර ළමුන් පූජා වට්ටි කඩවල බැළ මෙහෙවර කරමින් වන්දනාකරුවන්ගේ පූජා වට්ටි හිස මත තබා දේවාලයට ගෙන ගොස් දී මුදල් ලබාගැනීමට කටයුතු කරන බව ද වාර්තා වූවා.

එමෙන්ම ඇතැම් කාන්තාවන් කුඩා දරුවන් ඇකයේ හොවාගෙන සිඟමනේ යෙදෙන අතර, වැඩක් කර ජීවත් විය හැකි පිරිමි පුද්ගලයෝද මේ අයුරින් කතරගම පුදබිම ආශ්‍රිත සැරිසරමින් සිඟමන් යැදීමට පටන් ගෙන තිබෙනවා.

බැතිමතුන් කතරගමට පැමිණෙන මාර්ග ආශ්‍රිතව වැරහැලි ඇඳුම් ඇදගෙන යන එන රථවාහන නවතා සිඟමන් යැදීමට තවත් පිරිසක් හුරු වී සිටිනවා.

තව ද අවුරුදු 10, 12 වයස්වල දරුවෝ කතරගම හෝටල් අසල රැඳී සිටිමින් පාසල් පොත් ගැනීමට බව පවසා වන්දනාකරුවන්ගෙන් මුදල් ඉල්ලා සිටීම ද මේවන විට සුලබ දසුනක්.

මෙලෙස සිඟමන් යැදීම බහුල වෙද්දී තවත් පිරිසක් වන්දනා බැතිමතුන්ගේ පාවහන්, ගමන් මලු සොරකම් කිරීමට ක්‍රියා කරන බව ද වාර්තා වූවා.

සිඟමන් යැදීමෙහි සහ සොරකම් කිරීමෙහි නිරත බාලවයස්කාර පිරිමි දරුවන් මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතයටද හුරුව සිටින බව පැවසෙනවා.

මෙයට වසර කීපයකට පෙර කතරගම පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය මඟින් වීදි ළමයින් හා යාචක පිරිස් අල්ලා උසාවි වෙත යොමු කෙරුණද ඒ අය නැවතත් කතරගම ආශ්‍රිත වීදිවල සැරි සරමින් සිටින බව යි වැඩිදුරටත් වාර්තා වූයේ.

තවත් පුවත් > > >

තමන්ම රෑ නිදිකරවූ බිරිඳ පසුදා ඇඳේ සිටි අයුරු දුටු සැමියාට තරු පෙනෙයි
පාසලේදීම මත්පෙති බීපු 5 වසර සිසුන්ට අත් වූ ඉරණම
“මම ඒක භුක්තිවිඳලා ඉවරයි” – මහින්දගෙන් මාධ්‍යවේදීන්ට අමුතු පිළිතුරක්
TIN අංකය ගත්තෙ නැද්ද? ගැටලුව මෙන්න!
ඥාණසාර හිමි මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලයි
Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp