27 C
Colombo
19/05/2024

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

Share with your friends :

17 හැවිරිදි තරුණියක අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඇය මෙලෙස ඝාතනය වීමට හේතු වී ඇත්තේ දිග කලිසම් ඇඳීම බව යි පැවසෙන්නේ.

මෙම කනගාටුදායක සිද්ධියට මුහුණ පා ඇත්තේ, නේහා පස්වාන් නමැති තරුණියක්.

ඇය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචිව සිට තිබෙනවා.

ඇයගේ මව වන සකුන්තලා දේවී පස්වාන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, තරුණියගේ සීයා සහ ඥාතීන් පිරිසක් විසින් ඇයට දරුණු ලෙස පහර දුන් බව යි.

මෙම පහර දීමට හේතු වී ඇත්තේ ඇය ඇඳ සිටි දිග කලිසම සම්බන්ධයෙන් ඥාතීන්ගෙන් එල්ල වූ විරෝධය යි.

පහරදීමෙන් පසුව දැරිය සිහිසුන් වූ බවත් පසුව දැරිය රෝහල්ගත කිරීමට යැයි පවසා එම ඥාතීන් ඇයව රැගෙන ගිය බවත් දැරියගේ මව පවසනවා.

කෙසේ වෙතත්, දැරිය සමග ඇගේ මවට රෝහල වෙත යාමට අදාළ පුද්ගලයින් ඉඩදී නැහැ.

ඒ අනුව රෝහල්ගත කළ සිය දියණිය පිළිබඳ ඇගේ මව සොයා බලා ඇති නමුත් ඇයට දැනගැනීමට ලැබී ඇත්තේ තම දියණිය රෝහලේ නොමැති බව යි.

පසු දා උදෑසන ඔවුන් පදිංචිව සිටින ප්‍රදේශය හරහා ගලා බසින ගන්දක් ගඟට ඉහළින් ඇති පාලම මතින් ගැහැණු ළමයෙකුගේ සිරුරක් එල්ලෙමින් තිබෙන බව ආරංචි වූ බවත්, පසුව එහි ගොස් බලන විට එය තම දැරියගේ බවට තමා හඳුනා ගත් බවත් දැරියගේ මව වැඩිදුරටත් පවසනවා.

ඉන්දියාවේ තරුණියන්ට මෙවැනි වූ සංස්කෘතිකමය හේතු මත සිය නිවෙස් තුළදී දරුණු හිංසාවන්ට ලක්වීමට සිදුව ඇතැයි එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරනවා.

සබැඳි පුවත් > > >

සැමියාගේ මළ සිරුර සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි
සනත් නිශාන්තගේ අනතුර ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්
නිදාසිටි මවට වින කළ අපරාධකරුගේ සිරුර ගසක එල්ලෙයි
තමන්ම රෑ නිදිකරවූ බිරිඳ පසුදා ඇඳේ සිටි අයුරු දුටු සැමියාට තරු පෙනෙයි
යෝනියේ තිබූ ශුක්‍රාණු සමග බුලත් කෙළ සසඳයි – කොටකෙතන මාරයා ඇල්ලූ මෙහෙයුම

 

 

 

 

Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

“මමත් දැන් දුවෙක් ඉන්න පියෙක්” – සජිත් නුවර දී ඇත්තම කියයි

sp