27 C
Colombo
19/05/2024

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

Share with your friends :

තමන් බලයට පත් වූ පසු බිහිවන ජාතික ජන බලවේග ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය සකස් වන ආකාරය පිළිබඳව, එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කර සිටියා.

ඒ බීබීසීය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

(වීඩියෝව මෙම පුවත අවසානයේ)

එහි දී දිසානායක මහතා පවසා සිටියේ සිය කැබිනට් මණ්ඩලය සකස් වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිරිසකින් බව යි.

මෙරට අමාත්‍යධූර ආදිය සෑම විටම තනි පුද්ගලයෙකු කේන්ද්‍ර කරගෙන ගොඩනැගීමට උත්සහ කරන බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ සිය වැඩපිළිවෙල ඊට වෙනස් බව යි.

සිය කැබිනට් මණ්ඩලයේ දී යම් පුද්ගලයෙකු අමාත්‍ය ධූරයකට පත් කළ ද ඔහු වටා සාමූහික උපදේශක සභාවක් පිහිටුවන බව යි ඔහු අනාවරණය කළේ.

එහි දී ඔහු තම ආණ්ඩුවේ අමාත්‍යධූර කිහිපයක කටයුතු කිරීමට නියමිත පිරිස පිළිබඳව ද නාමික වශයෙන් හෙළිදරව් කළා.

ඒ අනුව ඔහු සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙහෙයවීම පිණිස ජාතික ජන බලවේගයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන වැනි කණ්ඩායමක් පත් කරන බව යි.

එම පිරිසගෙන් එක් අයෙකු අමාත්‍යවරයා බවට පත් කරන බවත්, අනෙක් පිරිස උපදේශක සභාව බවට පත්වන බවත් ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය සඳහා උපාලි පන්නිල, හරිනි අමරසූරිය, අරුණ කරුණාතිලක වැනි කණ්ඩායමක් පත් කර ඔවුන්ගෙන් එක් අයෙකු අමාත්‍ය ධූරයටත් අනෙක් පිරිස උපදේශක සභාවටත් පත් කරවන බව යි.

මෙම අමාත්‍යංශවලට අමතරව ආර්ථිකය සහ ආරක්ෂාව යන ක්ෂේත්‍ර පිළිබඳව ද අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ රටේ ආර්ථිකය මෙහෙයවීම සඳහා වූ ආර්ථික කවුන්සිලය දැනටමත් ජාතික ජන බලවේගය විසින් ප්‍රකාශයට පත් කර ඇති බව යි.

ඒ අනුව ආර්ථිකය මෙහෙයවීමට මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර යන අය සමග සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ වැනි කණ්ඩායමක් පත් කරවන බව ඔහු පැවසුවා.

එහි දී ද එම කණ්ඩායමෙන් එක් අයෙකු අමාත්‍යවරයා ලෙස පත් කර අනෙක් කණ්ඩායම සමූහයක් ලෙස එම අමාත්‍ය ධූරය මෙහෙයවන බව ඔහු සඳහන් කර සිටියා.

එමෙන්ම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමේ දී ඔහු සඳහන් කළේ සිය පක්ෂයේ ප්‍රබලතම කණ්ඩායමක් හිටපු ආරක්ෂක නිලධාරීන්ගෙන් සහ සිවිල් පුරවැසියන්ගෙන් ගොඩ නැගී ඇති බවයි.

එම පිරිසගෙන් එක් අයෙකු ආරක්ෂක අමාත්‍ය ධූරය සඳහා පත්වන බව ජාතික ජන බලවේග නායකයා පැවසුවා.

මෙතෙක් මෙරට දුටු සාම්ප්‍රදායික අමාත්‍ය ධූර වෙනුවට සිය පාලනය පැමිණි පසු ඒ ඒ විෂයයන් පිළිබඳ පරිචයක්, අධ්‍යනයක් සහ අවබෝධයක් ඇති කණ්ඩායමක් පත්වන බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවන ශක්තිමත්ම මෙන්ම සුදුසුම කැබිනට් මණ්ඩලය පත් කිරීමට සූදානම් බවත් අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.

දිසානායක මහතා පළ කළ අදහස් ඇතුළත් වීඩියෝව පහතින්….

සබැඳි පුවත් > > >

ඉන්දීය දේශපාලන ප්‍රබලයෙකුගෙන් අනුර කුමාරට පොරොන්දුවක්
අනුරගේ මාලිමාව ගැන ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවයෙන් හෙළිදරව්වක්
“තව මාස 6යි” – අනුර කුමාර ගැන රනිල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp

“මමත් දැන් දුවෙක් ඉන්න පියෙක්” – සජිත් නුවර දී ඇත්තම කියයි

sp