27 C
Colombo
19/05/2024

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

Share with your friends :

තැඹිලි ගෙඩියක් රුපියල් 2,000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවක තැඹිලි අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 1,500 සිට 2,000 දක්වා  මුදලකට බවයි.

ලංකාවේ  තැඹිලි සඳහා ලොව කිසිදු රටකින් මෙතෙක් තරගයක් එල්ල වී නැතැයි ද දැන් තරගය පවතින්නේ ලංකාවේ ව්‍යාපාරිකයන් අතර යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය වෙබ් මාධ්‍ය හරහා පළ වීමත් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඒ සම්බන්ධව සිය අප්‍රසාදය පළ කොට ඇති ආකාරය ද දක්නට ලැබුණා.

ඔවුන් පවසන්නේ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය අමූලික බොරුවක් බව යි.

එම පිරිස වැඩිදුරටත් අදහස් පළ කොට ඇත්තේ එරට තුළ තැඹිලි ගෙඩියක් අලෙවි වන මිල ගණන් ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කළ විට ලැබෙන්නේ රුපියල් 400 – 450 අතර අගයක් බව යි.

ඉන් තවත් අයෙකු පවසා තිබුණේ අමාත්‍යවරයා පවසන තරම් මුදලකට අළෙවි කිරීමට නම් තැඹිලි ගෙඩිය තුළ වල්ලපට්ටා කුඩු දමා ඇත්දැයි ගැටළුවක් පවතින බව යි.

ඔවුන් මෙරට ප්‍රධානම පුවත් පතකට අයත් වෙබ් අඩවියක, අදාළ පුවත සම්බන්ධව පහත අයුරින් අදහස් පළ කොට තිබුණා.


Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp

“මමත් දැන් දුවෙක් ඉන්න පියෙක්” – සජිත් නුවර දී ඇත්තම කියයි

sp