27 C
Colombo
19/05/2024

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

Share with your friends :

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල සංශෝදනය කර තිබෙනවා.

ඒ මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුවයි.

කෙසේ වෙතත් මෙම සංශෝධනයට අනුව ඉන්ධන මිල වෙනස් විය යුතුව තිබුනේ පෙබරවාරි 29 වැනිදා යි.

ඊයේ සිදු වූ සංශෝධනයට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ ගොස් ඇති අතර ඔක්ටේන් 92 පෙට්‍රල් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නැහැ.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 447ක් වන අතර ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල වන්නේ රුපියල් 371ක්.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු වී ඇති අතර ලංකා ඔටෝ ඩීසල් මිල වෙනස් වී නැහැ.

සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 458ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 363ක් වනවා.

භූමිතෙල් මිල ද රුපියල් 5කින් පහළ ගොස් ඇති අතර එහි ලීටරයක නව මිල රුපියල් 257ක් වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාන විසින් සිදු කළ මෙම මිල සංශෝධනයෙන් පසු ලංකා IOC සමාගම මෙන්ම සයිනොපෙක් සමාගම් ද සිය මිල ගණන් පහළ දමා ඇති බව සඳහන්.

ඒ අනුව සයිනොපෙක් සමාගම සිය සංශෝධිත ඉන්ධන මිල ගණන් නිකුත් කර ඇති අතර ඔවුන් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා තිබෙන්නේ එහි නව මිල රුපියල් 447ක් බවට පත් කරවමින්.

එසේම සයිනොපෙක් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458ක්.

එම සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිලේ කිසිදු වෙනසක් සිදුකර නැහැ.

සයිනොපෙක් සමාගමෙහි 92 වර්ගයේ ඉන්ධන ලීටරයක් 368ක් වන අතර සයිනොපෙක් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 360ක් වනවා.

Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp

“මමත් දැන් දුවෙක් ඉන්න පියෙක්” – සජිත් නුවර දී ඇත්තම කියයි

sp