27 C
Colombo
19/05/2024

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

Share with your friends :

පැරසිටමෝල් පෙත්තක් හේතුවෙන් කුඩා දැරියක් මරණයට පත් වී ඇති පුවතක් මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඕෂධී සවින්ද්‍යා රාජපක්ෂ නමැති සිව් හැවිරිදි දරුවෙක් බව සඳහන්.

මව විදේශ ගත වී සිටීම හේතුවෙන් මෙම දැරිය සිය සීයා, ආච්චි සහ සහෝදරියන් දෙදෙනා  සමග ජීවත්ව සිට ඇති බව පැවසෙනවා.

ඇයගේ පියා වැලි ගොඩදැමීමෙන් ජීවිකාව ගෙන යන බවත්, ඔහු දැරිය ජීවත්ව සිට ඇති නිවසට යාබද තවත් නිවසක ජීවත් වන බවත් සඳහන්.

අදාළ දැරිය හට පසුගිය දා උණ රෝගී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ඇයගේ මිත්තණිය පැරසිටමෝල් පෙත්තක් දැරිය වෙත ලබා දී ඇති අතර එය දැරියගේ උගුරෙහි සිර වී ඇති බව යි වාර්තා වන්නේ.

උගුරෙහි සිර වූ පැරසිටමෝල් පෙත්ත හේතුවෙන් දැරිය සිහිසුන් වී ඇති අතර පවුලේ සාමාජිකයින් කටයුතු කර ඇත්තේ ඇයව මහියංගනය රෝහලට ඇතුළත් කිරීමට යි.

ඇයගේ උගුරෙහි සිරව තිබූ පෙත්ත ඉවත් කිරීමට මහියංගනය රෝහලෙහි හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය පසුව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට මාරු කිරීමට යි මහියංගනය රෝහලෙහි වෛද්‍යවරු කටයුතු කර ඇත්තේ.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ දැරිය පසුව මරණයට පත්ව තිබෙනවා.

මියගිය දැරියගේ මිත්තණිය වන බී.ජී. සීලවතී මහත්මිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා හමුවේ සාක්කි දෙමින් මෙලෙස පවසා තිබෙනවා.

“දුවට උණ ගතියක් තිබුණා. අපේ පාරේ බස් එකක් යන්නේ පැය දෙකකට වතාවක්. බෙහෙත් ගන්න යන්න බස් එක එනකල් දුවට පැරසිටමෝල් පෙත්තක් දුන්නා. මීට පෙරත් ඇයට ඒ වගේ බෙහෙත් පෙති දීලා තිබෙනවා. බෙහෙත් පෙත්ත බිව්ව ගමන් දුවට සිහි නැති වුණා. ත්‍රීවිල් එකකින් මහියංගණ රෝහලට අරන් ගියා. එතන දී වෛද්‍යවරු දුවගේ උගුරේ සිරවී තිබූ බෙහෙත් පෙත්ත අරන් මට පෙන්නුවා. පසුව දුවට අමාරුයි කියලා එයාව පේරාදෙණියට මාරු කළා”

කුඩා දරුවන් සිටින මව්වරු විදේශගත වීම, දරිද්‍රතාව, නොදන්නා කම නිසා ඖෂධ අධි මාත්‍රාවක් ලබාදීම සහ මාර්ග දුෂ්කරතා ඇතුළු ගැටලු රැසක් මෙම මරණය හා බැඳී තිබෙන බව හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා සඳහන් කළා.

මේ අතර මළ සිරුරේ කොටස් වැඩිදුර විමර්ශනය සඳහා රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන අතර අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ  වාර්තාව ලැබෙන තෙක්  මරණ පරීක්ෂණය කල් තැබීමටයි අමල් ජයවර්ධන මහතා පියවර ගෙන තිබෙන්නේ.

සබැඳි පුවත් > > >

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්
Share with your friends :

Related posts

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp

“මමත් දැන් දුවෙක් ඉන්න පියෙක්” – සජිත් නුවර දී ඇත්තම කියයි

sp