27 C
Colombo
19/05/2024

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

Share with your friends :

මීලඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කොට සිය පක්ෂය බලයට පත් වී ආණ්ඩුවක් පිහිටවීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය පත් කෙරෙන ආකාරය ගැන ජාතික ජනබලවේගය පාර්ශවයෙන් සිදු කළ අනාවරණය පිළිබඳව අප මීට පෙර වාර්තා කළා.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා යි එම පැහැදිලි කිරීම සිදු කර තිබුණේ.

එවන් පසුබිමක එම පක්ෂයේ ප්‍රබලයෙකු වන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද එවැනිම අනාවරණයක් සිදු කොට තිබෙනවා.

ඔහු මෙම සුවිශේෂී කරුණ පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග පවත්වා ඇති සාකච්ඡාවක් අතරතුර දී.

සිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 25 දෙනෙකුට සීමාවන බව ඔහු එහි දී පවසා ඇති බව සඳහන්.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන ද 25 දෙනෙකුට සීමා කෙරනු ඇති බව යි හේරත් මහතා අනාවරණය කර ඇත්තේ.

“අපේ කැබිනට් මණ්ඩලය 25 යි. නියෝජ්‍ය අමාත්‍යවරුත් 25 යි.” යනුවෙන් ඔහු පවසා ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

විජිත හේරත් මහතා මෙලෙස පිළිතුරු ලබා දී ඇත්තේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක සංයුතිය සකස් වන ආකාරය පිළිබඳ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන විටයි.

මේ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධව විජිත හේරත් මන්ත්‍රීවරයා මේ දිනවල වෙහෙස වී වැඩ කරන බැවින් ඔහු ජාතික ජන බලවේගයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වනු ඇතැයි මෙම සාකච්ඡාවේ දී අයෙකු මත පළ කොට තිබෙනවා.

නමුත් එහි දී හේරත් මහතා පිළිතුරු ලබා දී ඇත්තේ මේ අයුරින්.

“එහෙම එකක් නෑ. හැබැයි ඔයාලගේ ආණ්ඩුවේ ඇමැතිවරු වගේ නම් නෙවෙයි අපේ ඇමැතිවරු. ඇමැතිවරුන්ට ඕනෑ ඕනෑ විදිහට වැඩ කරන්න බැහැ. අපි හැම අමාත්‍යාංශයකටම කවුන්සිල් එකක් පත් කරනවා. ඒකට ප්‍රායෝගික වගේම තියරි දන්න අයත් පත්වෙනවා. ඒ අය එකතුවෙලා ගන්න තීරණ ක්‍රියාත්මක කිරීම තමා අමාත්‍යවරයා කරන්න ඕනෑ.”

සබැඳි පුවත් > > >

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)
Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp

“මමත් දැන් දුවෙක් ඉන්න පියෙක්” – සජිත් නුවර දී ඇත්තම කියයි

sp