27 C
Colombo
19/05/2024

“මමත් දැන් දුවෙක් ඉන්න පියෙක්” – සජිත් නුවර දී ඇත්තම කියයි

Share with your friends :

සමගි ජනබලවේගය අද (24) සිය පක්ෂයේ කාන්තා සමුළුව මහනුවර දී පැවැත්වුණා.

සමුළුව අමතමින් එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේ තමන් බලයට පත් වූ පසු කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙන බවට ප්‍රකාශ කළ නිසා තමන් හට “පෑඩ් මෑන්” යනුවෙන් නමක් පටබැන්ද බවයි.

මෙවර ද තමන් හට “පෑඩ් මෑන්” යනුවෙන් ආමන්ත්‍රණය කළාට ගැටළුවක් නොමැති බව ද ඔහු කියා සිටියා.

“මට නමකුත් දැම්මා පෑඩ් මෑන් කියලා. ප්‍රශ්ණයක් නැහැ. මේ පාරත් මට පෑඩ් මෑන් කියන්න. හැබැයි මෙදා පාර මේ රටේ කාන්තා හයිය තුළින් පෑඩ් මෑන් ජනාධිපතිවරණය දිනලා මේ රටේ සමස්ත කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටළුවලට ඍජුවම ශක්තිය ලබා දෙන බව මම කියන්න කැමතියි” යනුවෙන් ප්‍රේමදාස මහතා පවසා සිටියා.

එමෙන්ම ඔහු සිය කතාව අතරතුර පවසා සිටියේ තමාට ද මේවන විට දියණියක් සිටින බවයි.

තමන් සිය දියණියට එන්නත් ලබා දීමට පෞද්ගලික රෝහලකට ගිය අවස්ථාවේ දී ඉන් එක් එන්නතක් රජයේ රෝහල්වලට පැමිණෙන දරුවන්ට ලබා නොදෙන බවට දැනුවත් වුණු බව ද ඔහු කියා සිටියා.

“මටත් දියණියක් ඉන්නවා. මම පහුගිය දවසක රෝහලට ගියා මගේ දියණියට ඒ අදාළ එන්නත් ලබා දෙන්න. ඒ ළමා රෝග විශේෂඥවරයා කිව්වා, ඒක අපේ රටේ දරුවන්ට ගහන්නෙ නැහැල්ලු රජයේ සෞඛ්‍ය පද්ධතියේ. මොකද, ගාණ වැඩි නිසා. ඔන්න අද අපේ රටේ තත්ත්වෙ. මම මේ හැම අම්මා කෙනෙකුටම කියන්න කැමතියි, දේශපාලනඥයාගේ දරුවාට පෞද්ගලික ක්ෂේත්‍රයෙන් ලැබෙන සැළකිල්ලම රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ රටේ බිහි වෙන හැම දුවෙකුටම පුතෙකුටම ඒ වරම ලබා දීමේ වගකීම මම භාරගන්නවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජලනි ප්‍රේමදාස යුවලගේ කැදැල්ලට දියණියක් එක්වී සිටින බවට පසුගිය කාලයේ දැඩි කතාබහට ලක් වුණා.

ඒ ඔවුන් දෙදෙනා බිළිඳෙකු සමග සිටින ඡායාරූපයක් ද සමාජ මාධ්‍යයේ හුවමාරු වීමත් සමගයි.

Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp