27 C
Colombo
06/05/2024

දඬුවම තීන්දුයි – හසරංග ගැන ICCය අවසන් තීරණය ගනියි

Share with your friends :

ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරුණු බවට චෝදනා ලද ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංග හට දඬුවම් නියම කර තිබෙනවා.

ඒ අනුව ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන් ම වනිඳුට දඩුවම් ලකුණක් එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව බංග්ලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක වනිදුට අහිමි වනු ඇති.

ලබන මස 04 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියට තරග තුනක් ඇතුළත් වනවා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තෙවන තරගයේ අවසන් භාගයේ දී විනිසුරු ලින්ඩන් හැනිබල්ගේ තීරණයක් සම්බන්ධයෙන් වනිඳු හසරංග සිය විරෝධය පළ කළා.

තරගයෙන් අනතුරුව පිටියේ දී විනිසුරුවරයා සමඟ උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වුණු අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ දී ද වනිඳු විසින් විනිසුරුවරයාගේ තීරණ විවේචනය කර තිබුණා.

එහි දී ඔහු ප්‍රකාශ කර සිටියේ, ලින්ඩන් හැනිබල් මෙවැනි තීරණ ලබා දෙන්නේ නම් විනිසුරු වෘත්තිය අතහැර වෙනත් රැකියාවක් සොයාගත යුතු බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් තරග තීරකවරයාට (ක්‍රිස් බ්‍රෝඩ්) පැමිණිල්ලක් ද සිදු කරනු ලැබීය.

මෙම තරගයේ දී හසරංග හට එල්ල කර ඇත්තේ, ICC චර්යාධර්ම සංග්‍රහය යටතේ, 2 වැනි මට්ටමේ චෝදනාවක්.

ඔහුට මීට පෙර සිදු කර ඇති වැරදි සම්බන්ධයෙන් දැනටමත් වැරදි ලකුණු දෙකක් ලබා තිබීමත් විශේෂත්වයක්.

ඒ හේතුවෙන්, වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පනවා තිබෙනවා.

Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp