27 C
Colombo
19/05/2024

දුෂිත අධ්‍යාපන ලොක්කෝ හදිසි මිලදී ගැනීම් වලට වසන්තාවත් නොමග යවලා

Share with your friends :

බත්තරමුල්ල, ඉසුරුපායෙහි පිහිටා තිබෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ හොර රහසේ සිදුවන අතිවිශාල ප්‍රසම්පාදන හා සැපයුම් අංශයේ දුෂණ පිළිබඳ මේ දිනවල අමාත්‍යංශයේ සේවකයන් අතර විශාල කතාබහක් ඇතිවී තිබේ. අදාළ දුෂිත නිලධාරීන් පිරිස මේ වන විට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත හා අද්යාපන අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වෙතද වැරදි තොරතුරු ලබා දෙමින් නොමග යවා ඇතැයිද සඳහන්ය.

මෙය විශාල ගැටළුවක් වන්නේ අධ්‍යාපන අමාත්‍යංශය යනු ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය සේවයට පමණක් දෙවැනි 2024 වසර සදහා ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම වෙනුවෙන් බිලියන 237ක සුවිශාල මුදලක් වෙන්කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආයතනයකි. කිසිදු පාරදෘශ්‍යභාවයකින් තොරව සිදුවන ගනුදෙනු මත සෞඛ්‍ය අමාත්‍යංශයට නොදෙවෙනි මහා පරිමාණ දුෂණ ගණනාවකට අතවැනීමක් වනු ඇත.

ප්‍රසම්පාදන සම්බන්ධ තාක්ෂණික කමිටු සාමාජිකයින් මෙන්ම ටෙන්ඩර් මණ්ඩල නිලධාරින්ද සමග එක්ව සැපයුම් දෙපාර්තමේන්තුවේ මුල් බැසගත් නිලධාරීන් ඍජුව මෙම සුවිශාල දුෂණ ඉතා සුක්ෂම ලෙස කරගෙන යන අතර, තම හිතවත් ඉලක්කගත සැපයුම්කරුවන් සමග “ඩීල්” දමමින් කෝටි ගණනින් කොමිස් ලබාගනී. ඒ අතරේ මොවුහු සියලු සුදුසුකම් සපුරා ශක්‍යතාව ප්‍රදර්ශනය කරන එනමුත් මෙම අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරී මාෆියාවට යටත් නොවන ආයතන පීඩනයට ලක්කොට ඔවුනට ව්‍යාජ චෝදනා මවාපාමින් අසාදුලේඛනගත කිරීම සිදු කරනු ලබයි.

මෑතකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කෙරුන වසන්තා පෙරේරා මහත්මියද නොමග යවමින් මෙම දුෂිත නිලධාරීන් නැවතත් තම කාර්ය පටිපාටිය යහමින් සිදුකරගෙන යනු ලබයි. මෙහිදී ප්‍රසම්පාදන අංශයේ ඉහලම නිලධාරිනියක් තම අභිමතය පරිදි ව්‍යාපෘති භාර නිලධාරීන් සහ ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් තම අණට නතු කරගනිමින් මෙම දුෂිත ගණුදෙනු මෙහයවනු ලබන අතර කූට ලෙස මහජන මුදල් අවභාවිතා කරමින් සිටී .විටෙක ඇය තම මතය සමග ලේකම්වරිය එකග නොවුනහොත් ඇයට වක්‍ර ආකාරයෙන් ඉදිරියේදී සිදුවන්නට යන අකටයුතුකම් තර්ජනාත්මක ලෙස සදහන් කරන බව ප්‍රසිද්ධ කරුණකි. ඇය දිගටම මහජන මුදල් අයතා ලෙස උපයමින් විශාල ධනස්කන්දයක් උපයමින් සිටී. මෙහි සිටින රජයේ සාමාන්‍ය වේතනයක් ගන්නා නිලධාරීන් පවා නිවාස 2 ක හෝ 3ක හිමිකාරිත්වය දරන්නවුන් බව සඳහන්ය.

අධ්‍යාපන දෙපාර්තමේන්තවේ අතිවිශාල දුෂණ සහ වංචා කිසිදු විගණනයකින් තොරව සිදු කරගෙන යනු ලබන අතර මේසා අතිවිශාල මුදල් සම්භාරය අහිංසක දරු දැරියන්ට ප්‍රතිලාභ ලබා නොදී සැපයුම් අංශයේ දුෂිතයන් කිහිපදෙනෙක් අතර යහමින් බෙදා ගනිමින් සිටින බව සඳහන්ය. මේ අතර මෙම දුෂිතයන්ගේ අරමුණ සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙන් ගැනීමේ මාෆියාවක් අධ්‍යාපන අමාත්‍යංශයේ ද ඇති කර ගැනීමය.

Share with your friends :