27 C
Colombo
19/05/2024

පාසලේදීම මත්පෙති බීපු 5 වසර සිසුන්ට අත් වූ ඉරණම

Share with your friends :

පාසල් අවට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මේවන විට මෙරට දැඩි ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

එවන් පසුබිමක ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයෙන් වාර්තා වන්නේ 5 ශ්‍රේණියේ සිසුන් පිරිසක් මත් වූ පුවතක්.

මෙලෙස මත් වී ඇත්තේ එම කලා­ප­යට අයත් ලිහි­ණි­වැ­හැර ප්‍රාථ­මික විද්‍යා­ලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනෙක්.

මෙම දරුවන් සිව් දෙනා අසි­හි­යෙන් යුතුව විද්‍යා­ලයේ ගසක් යට වැටී සිටි­ය දී හමු වී තිබෙනවා.

පසුව ඔවුන් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කොට ඇති බව සඳහන්.

රෝහ­ල්ගත කර සිටින එක් සිසු­ව­කුගේ තත්ත්වය බර­ප­තළ බව යි කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහල පැවසුවේ.

සිසුන් සිව්දෙ­නාම ලිහි­ණි­වැ­හැර අවට පදිං­චි­ක­රු­වන් වනවා.

මොවුන් කිසි­යම් හඳුනා නොගත් මත්පෙති වර්ග­යක් පානය කිරී­මෙන් මෙසේ පාසල තුළ සිහි­සුන්ව සිටි බවට සැක කරන බවයි සිදු­වීම පිළි­බඳ පරී­ක්ෂණ මෙහෙ­ය­වන මදු­රා­ගොඩ පොලි­සිය පව­සන්නේ.

සිසුන් පවසා ඇත්තේ කිසි­යම් පෙති වර්ග­යක් ගස යට වැටී තිබී අහු­ලා­ගෙන පානය කළ බවයි.

එහෙත් මෙම පෙති කිසි­යම් වැඩි­හි­ටි­යකු සිසුන්ට ලබා දුන්නේද යන්න පිළි­බඳ සොයා බලන බව පොලි­සිය වැඩිදුරටත් සඳහන් කළා.

තවත් පුවත් > > >

තමන්ම රෑ නිදිකරවූ බිරිඳ පසුදා ඇඳේ සිටි අයුරු දුටු සැමියාට තරු පෙනෙයි
කැම්පස් අනාවරණයෙන් පසු කතරගම යාචකයන්ට සිදුවූ දේ
“මම ඒක භුක්තිවිඳලා ඉවරයි” – මහින්දගෙන් මාධ්‍යවේදීන්ට අමුතු පිළිතුරක්
TIN අංකය ගත්තෙ නැද්ද? ගැටලුව මෙන්න!
ඥාණසාර හිමි මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලයි
Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp