27 C
Colombo
17/05/2024

පතිවත …………………………….

Share with your friends :

කිවුවෙනම් ලොව මැවුවෙ
ගැහැණියලු ඇත්තට…
ඒත් අපි ඉපදුනේ
ඇත්තමයි කරුමෙට…
තෙරණියක් වැඩමුවත්
බෝධියක් වැඳුමට..
තහනම්ම කෙරුවා එය
අකැපයිලු කිල්ලට………….
………………………………………..
වටිනකම් කප්පරක්
උන්ගෙ ලඟ තිබ්බට..
හැමදාම උන්ට උනේ
දෙවනි තැන ගන්නට..
ඉවසන්නෙ පපු කැවුතු
දාලා දුක් ගින්නට…..
ඔවු’ උන් තමයි දන්නේම
පෙම දෙන්න පපුවට…………….
……………………………………………….
අපහාස කප්පරක්
ගෑණු හිත් වින්ඳට..
ගැහැනියක් නැති තැනක
ලොවක් නෑ හිතවත…
පිරිමි කරනා වැරදි
හැමදාම පැත්තක….
“”ඒත් ලෝකෙම හෙවුවේ
ගෑනුන්ගෙ පතිවත””……..
………………………………………………

සමනලී
නිසඳැස් කවි ගී අරණ

Share with your friends :