27 C
Colombo
06/05/2024

මැරතන් ලෝක ශුරයා වයස 24 දී අනතුරකින් මරුට

Share with your friends :

පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ කෙල්වින් කිප්ටම් (24) කෙන්යාවේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු බටහිර කෙන්යාවේ මාර්ගයක මෝටර් රථයක ඔහුගේ පුහුණුකරු වන රුවන්ඩාවේ ගර්වයිස් හකිසිමානා සමඟ ගමන් කරමින් සිටියදී අනතුරට පත්වූ අතර එහිදී දෙදෙනාම මිය ගොස් තිබේ.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී චිකාගෝහිදී කිප්ටම් පැය දෙකයි තත්පර 35 කින් සැතපුම් 26.1 ක් (කිලෝමීටර් 42) වාර්තා කරමින් ලෝක වාර්තාව අලුත් කළේය.
ඔහු සිය මුල්ම තරගයට ඉදිරිපත්වුයේ අනුන්ගෙන් ඉල්ලා ගත සපත්තු දෙකක් පැළඳ ගෙනය. සපත්තු දෙකක් ගන්නට වත් වත්කමක් නොතිබූ ඔහු පසුව ලෝක ශුරයා බවට පත් විය.

Share with your friends :