27 C
Colombo
19/05/2024

පොහොට්ටුවේ තත්ත්වය බරපතලයි! තීරණය වෙනස් කළ බැසිල් හදිසියේම ලංකාවට!

Share with your friends :

මේවන විට දේශපාලන කරළියේ උණුසුම අනපේක්ෂිත ලෙස ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලන සංවාදය කෙමෙන් බරපතළ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මීට ජනපති හා පැවැති සාකච්ඡා ද හේතු වී ඇති බව සඳහන්.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ පොහොට්ටුවේ නිර්මාතෘ ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු නිවාඩුව තරමක් කෙටි කර ගැනීමට තීරණය කර ඇති බව යි.

ඔහු මෙරටට පැමිණීමට නියමිතව සිටියේ මාර්තු මාසයේ වන නමුත් එනමුත් පවතින තත්ත්වයත් ඔහු එම තීරණය වෙනස් කර ඇති බවත්, ඒ අනුව පෙබරවාරි 20 හෝ ඊට ආසන්න දිනයක බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමට සූදානමින් පසුවන බවත් පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවා.

එමෙන්ම එම පක්ෂය දෙසින් ලැබෙන පුවත් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා නැවත පැමිණි පසු පොහොට්ටු සන්ධානය ශක්තිමත් කිරීමේ කටයුතු අරම්භ වනු ඇති බව යි.

එලෙස ඔහු පැමිණ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා සූදානම් කිරීමත්, ජනාධිපතිවරණයට මුහුණ දීමට අවශ්‍ය කටයුතු මෙහෙයවීමත් සිදු කරනු ඇති බව එම පක්ෂයේ පිරිස් අපේක්ෂා කරනවා.

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ගේ අදහස වී ඇති අතර සිය පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි නිෂ්චිතව ප්‍රකාශයට පත් කිරීම අප්‍රේල් මාසයේදී සිදුවනු ඇති බව සඳහන්.

මේ අතර පොහොට්ටුවේ නිල නොවන අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය සීරුවට අරඹා ඇති බව පෙනෙන්නට ඇති බව දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

එමෙන්ම DP Education ව්‍යාපෘතිය හරහා ගම්මාන වෙත සමීප වීමටත්, එහි අධ්‍යාපනය හදාරන දරුවන්ට රුකියා අවස්ථා සලසා දීමටත් ඔහු කටයුතු කරමින් සිටින බව සඳහන්.

මේ අනුව පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ධූරය තමා වෙත ලබාගැනීමේ ඉහළ අපේක්ෂාවක් ධම්මික පෙරේරා මහතා සතුව ඇති බව යි දේශපාලන කරළිය තුළ කතාබහට ලක්ව ඇත්තේ.


සබැඳි පුවත් > > >


Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp