27 C
Colombo
19/05/2024

බෝම්බය හදපු කෙනාව ගම්මන්පිල හෙළිකරයි! වසර 5කින් තවත් පිපිරීමක්?

Share with your friends :

මෙරට මුහුණ පෑ ආර්ථික අර්බුදය සහ වර්තමාන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් පළ කළා.

ඒ ගුවන් විදුලි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

මෙම ආර්ථික අර්බුදයට මූලික හේතුව වන්නේ දරාගත නොහැකි තරම් ණය ගැනීම බවත්, ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය දෑ ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැති වූයේ ණය ගෙවීමට ඩොලර් වෙන් කළ නිසා බවත් ඔහු එහි දී පෙන්වා දුන්නා.

අර්බුදයට හේතුව ණය ගැනීම නම් විසඳුම තවදුරටත් ණය ගැනීම විය නොහැකි බව යි ඔහු සඳහන් කළේ.

ඩොලර් අර්බුදය විසඳීමට ආණ්ඩුව කිසිදු පියවරක් මේවන තෙක් ගෙන නොමැති බවත්, දේශීය නිෂ්පාදන වැඩි කිරීම නමැති දුෂ්කර මාවතේ ගමන් ගන්නවා වෙනුවට ණය වෙමින් ආනයනවලට මුදල් සැපයීම සිදු කරමින් ජනතාව රවටන වැඩපිළිවෙලක් ආණ්ඩුව ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසා සිටියා.

ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට පත් වූයේ ඩොලර් බිලියන 53ක් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් බව සඳහන් කරන ගම්මන්පිල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුව මේවන විට ඩොලර් බිලියන 07ක ණය ගනිමින් සිටින බව යි.

53 ගෙවාගන්නට නොහැකි නම් 60ක් කොහොමටවත් ගෙවා ගැනීමට නොහැකි බව සඳහන් කරන ඔහු, 2022 වසරේ දී මතුවුණු අර්බුදය යළි මතුවීමට නියමිත බව ද කියා සිටියා.

එමෙන්ම ඔහු මෙලෙස ද පවසා සිටියා.

“මේ අර්බුදයේ ලොකුම වගකිවයුත්තා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ. එතුමාගෙ කාලේ තමයි ඩොලර් බිලියන 12ක් අවුරුදු 03ක් ඇතුළත ණයට ගත්තේ. එතකොට රනිල් හදපු ණය බෝම්බේ ගෝඨාගෙ ඔඩොක්කුවේ පිපුරුවා. අපි මොකද කරේ? ගෝඨාව ගෙදර යවලා බෝම්බෙ හදපු කෙනාටම රට භාර දුන්නා. දැන් එයා අලුත් බෝම්බයක් හදනවා. මේ බෝම්බේ බොහෝ ‍වෙලාවට තව වසර 05කින් විතර යළි පුපුරා යන්න ඉඩ තියෙනවා‍”


සබැඳි පුවත් > > >

සනත් නිශාන්තගේ අනතුර ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්
අලුත් සන්ධානයට පනින පක්ෂ නායකයින් 20 මෙන්න
පොහොට්ටුවේ තත්ත්වය බරපතලයි! තීරණය වෙනස් කළ බැසිල් හදිසියේම ලංකාවට!
හදිසි ඡන්දයක්! තිරය පිටුපස වෙන දේ මෙන්න!
Share with your friends :