27 C
Colombo
19/05/2024

රුසියානුවා ලංකාවට ඇවිත් කළ දෙයට ලක්ෂ 18ක දඩයක්

Share with your friends :

ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ විසින් පෙරේදා (15) රුසියානු ජාතික සංචාරකයකුට රුපියල් ලක්ෂ 18කට අධික මුදලක් ගෙවීමට නියම කළා.

ඒ අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කොට දුම්රියේ ගැටීමට සලස්වා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු කරන ලද අලාභය වෙනුවෙන්.

ඒ අනුව ඔහුට රුපියල් දහඅට ලක්ෂ තිස්පන් දහස් හත්සිය හැත්තෑ අටයි සත විසි අටක (1,835,778.28) මුදලක් ගෙවන ලෙසටයි නියෝග ලැබුණේ.

මොහු සංචාරයක් සඳහා පැමිණ අහංගම ප්‍රදේශයේ නිවෙසක නතරව සිට තිබෙන අතර 2024 ජනවාරි 23 වැනි දා සිය මිතුරෙකු සමග මෝටර් රියකින් ගමන් කොට තිබෙනවා.

එම අවස්ථාවේ දී අහංගම, ගොවියාපාන, ජයසුමනාරාම දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කිරීමේදී බෙලිඅත්ත සිට මහව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ හැපි ඇති අතර එහිදී දුම්රිය එන්ජිමට සහ මෝටර් රථයට බරපතළ අලාභ සිදුව ඇති බව සඳහන්.

අනතුරින් සුළු තුවාල ලැබූ රුසියානු ජාතිකයා සහ ඔහුගේ මිතුරා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා.

පෙරේදා (15) නඩුව කැඳවූ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිට නීතිඥවරුන් කියා සිටියේ මෙම විදේශිකයා මේ මස 29 වැනි දින ලංකාවෙන් පිටව යෑමට සිටින නිසා සියලුම චෝදනාවන්ට වරද පිළිගන්නා බවයි.

ඒ අනුව වරද පිළිගත් සැකකරුට මෝටර් රථ වරද සඳහා රුපියල් 56,000ක දඩයක්ද දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් 1,779,778.28ක් ද ගෙවන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

Share with your friends :