27 C
Colombo
17/03/2026

“අලියා“ ලකුණ විසිවෙයි! රනිල් ජනපති සටනට එන ලකුණ තීන්දු කරයි

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ පොදු සන්ධානයකින් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සන්ධානය හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ අපේක්ෂාව තමන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම බවද වාර්තා වේ.

නිමල් ලංසා කණ්ඩායම ප්‍රමුඛ සුළු පක්ෂ ගණනාවක් සමඟ ද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ ද තමන්ට සහාය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සැලසුම් සකස් කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේවන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව දේශපාලන කටයුතු කරන පොහොට්ටුවේ ප්‍රබලයින් වේ.

Share with your friends :