සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සභානායක ධූරයෙන් ඉවත් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රී ධූරයට පත්වී දැනට නිමල් ලංසා කණ්ඩායම සමඟ කටයුතු කිරීම හේතුවෙන් එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු පිරිස මෙම තීරණය ගෙන ඇතැයි පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.
එම මන්ත්‍රී කණ්ඩායමේ මතය වී ඇත්තේ ජනාධිපති ධූරය, අග්‍රාමාත්‍ය ධූරය හා සභානායක ධූරය යන තනතුරු තුනම දැනට පොහොට්ටුවට අහිමි වී ඇති බවයි.
එබැවින් පක්ෂයේ අනුමැතියට පිටින් කටයුතු කරන කවර තරාතිරමක වුවද කෙනකුගේ ක්‍රියා කලාපයට සහාය නොදැක්විය යුතු බවයි එම මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව ඉදිරියේදී පක්ෂ නායකත්වය සමඟ ද සාකච්ඡා කොට අදාළ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
