27 C
Colombo
16/05/2024

ඉදිරි මැතිවරණ ගැන රනිල්-බැසිල් දිගටම සාකච්ඡා

Share with your friends :

ඉදිරි මැතිවරණ ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය 21 දා රාත්‍රි යේ සිදුව තිබේ. එහි ප්‍රධාන අරමුණ ලෙස පැවතුනේ ජනපතිවරණය වෙනුවට මහමැතිවරණයක් ලබාගැනීම බව පැවසේ. බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තවදුරටත් ඊට සම්බන්ධ පාර්ශව සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බවය.
ජනාධිපතිවරණය හා ඉදිරි සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව අදහස් හුවමාරුවූ මෙම සාකච්ඡාවේදී
පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ ස්ථාවරයේ වෙනසක් කර නැත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය මහමැතිවරණයක් මුලින් අවශ්‍ය බවට බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති නමුත් මැතිවරණය පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැත.
ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් සාකච්ඡාවලින් පසු එළියට ආ බැසිල් මාධ්‍ය වෙත දන්වා සිටියේ සාකච්ඡා ධනාත්මක බවයි.
ජනාධිපතිවරයා සමඟ එකඟ වූ දේ පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව මාර්තු 27 වනදා රැස්වන බව ඔහු පැවසීය. ජනාධිපතිවරයා මෙම කාරණය තම එක්සත් ජාතික පක්ෂයට (එජාප) යොමු කරනු ඇතැයිද ඔහු කීය.

“අපගේ පක්ෂවල අදහස් විමසා සතියක් ඇතුළත අපි නැවත හමුවෙමු,” ඔහු පැවසීය.

Share with your friends :