27 C
Colombo
16/05/2024

බ්‍රිතාන්‍යයේ රජපවුලේ කේට් කුමරියටත් පිළිකාවක්

Share with your friends :

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරියට පිළිකාවක් වැළඳී ඇති බව බ්‍රිතාන්‍ය රජ පවුල නිවේදනය කර තිබේ.
බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජුට පිලික රෝගය වැළඳී ඇති බව මීට සති කීපයකට පෙර අනාවරණය වූ අතර කේට් කුමරියගේ රෝගී තත්වය එරට ජනතාව තුල දැඩි කම්පනයක් ඇති කර තිබේ.
කේට් කුමරිය දැනට සති කීපයකට පෙර ශල්‍ය කර්මයකට භාජනය වූ අතර ඉන්පසු සිදුකල පරීක්ෂණ වලදී පිළිකා රෝගය හඳුනාගෙන ඇත.
මේ වන විට ඇයට කීමෝතෙරපි පිළිකා ප්‍රතිකාර ලබාදෙන අතර හැකි ඉක්මනින් සුවය ලබා යලි සාමාන්‍ය දිවිපෙවෙත ආරම්භ කරන බවත් තමන් ශක්තිමත්ව මෙම තත්වයට මුහුණ දෙන බවත් ඇය වීඩියෝ පණිවිඩයක් මගින් ජනතාව අමතමින් පවසා ඇත.
හතලිස් දෙහැවිරිදි කේට් කුමරිය තිදරු මවකි.

Share with your friends :