27 C
Colombo
16/05/2024

මියුසියස් විද්‍යාලයේ ප්‍රශ්න ගැන දෙමාපියන්ගෙන් බෞද්ධ නායකයන්ට පැමිණිලි

Share with your friends :

කොළඹ මියුසියස් විද්‍යාලයේ බෞද්ධ පසුබිම වෙනස් කිරීම සඳහා එහි පරිපාලනයේ ඇතැම් පුද්ගලයන් විසින් ගෙන යන කරුණු කාරනා සම්බන්ධයෙන් එම විද්‍යාලයේ දෙමාපිය සංගමය විසින් මෙරට මහා සංඝරත්නය , අධ්‍යාපන අමාත්‍යංශය, බෞද්ධ නායකයන් හා මියුසියස් පාලක මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කර තිබේ.
එම සාකච්ඡා වලදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් මියුසියස් දෙමාපිය සංගමය අවධානය යොමු කර තිබේ.
#පාසලේ පන්තිකාමර තුළ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා වෙනුවෙන් වෙනදා මෙන් පුද පූජා පැවැත්වීමට සිසුවියන්ට අවස්ථාව ලබානොදෙන අතර එසේ කිරීම අවශ්‍ය නැති බවට සිසුවියන්ට ඒත්තු ගන්වා තිබීම
#පාසලේ ළදරු අංශය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මියුසියස් විද්‍යාලයීය ළදරු අංශය ලෙස ලියාපදිංචි කර තිබුනද, එය අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස්, මගපෙන්වීම් යටතේ ක්‍රියාත්මක විය යුතුව තිබුණද මේ වනවිට එහි ප්‍රධානාචාර්යවරිය විසින් අත්තනෝමතික ලෙස බෞද්ධත්වයට, සංස්කෘතියට, සිරිත්විරිත්වලට අනුකූල නොවන ලෙස පහත සඳහන් ආකාරයෙන් ක්‍රියාත්මක කරවන බව නිරීක්ෂණය වී තිබීම
A. අධ්‍යාපන අමාත්‍යංශයේ මාර්ගෝපදේශයන්ට අනුව ප්‍රාථමික අංශය ක්‍රියාත්මක නොවීම.
B. ප්‍රාථමික අංශයේ ළමුන්ට ගුරුවරුන් හට නම කියා කතා කිරීමට පුරුදු කරවීම.
C. ප්‍රාථමික අංශයේ ගුරුවරියන් හට දරුවන්ට දුව, පුතා ලෙස ඇමතීම තහනම් කිරීම
D. සෑම දිනකම පාසල අවසානයේ ළමුන් විසින් ‘බුදු සරණ වේවා’ ප්‍රාර්ථනා ගාථා ගායනය නතර කිරීම.
E. ළමුන්ට බුලත් අතක් දී ගුරුවරුන් නමස්කාරය තහනම් කිරීම.
F. ළදරු අංශයේ ගුරුවරුන් හට අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ කතා කිරීම සහ ඔවුන් ලබාදෙන උපදෙස් පිළිපැදීම තහනම් කිරීම.
G. ළදරු අංශයේ ගුරුවරියන්ට දෙමාපියන් සමඟ කතා කිරීම තහනම් කිරීම සහ යම්කිසි අවස්ථාවක දෙමාපියන් හෝ බාහිර පුද්ගලයන් සමඟ කතා කළහොත් කතා කළ කරුණු මොනවාද යන්න ළදරු අංශයේ ප්‍රධානාචාර්යවරියට ලිඛිත වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කිරීම.
H. දශක ගණනාවක් ගුරුවරියන් විසින් අඳින ලද සාරිය වෙනුවට කුර්තා ඇඳුම් ඇඳීමට බල කර සිටීම.

Share with your friends :