27 C
Colombo
16/05/2024

විදෙස් පුහුණුවට ගිය වෛද්‍යවරු ආපහු ඇවිත් නැහැ

Share with your friends :

සංක්‍රමණික වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් අලුතින් බරපතල අර්බුදයක් මතුව ඇත.
සංඛ්‍යාලේඛනවලට අනුව, 2022 වසරේ අග භාගයේ සිට විශේෂඥ වෛද්‍යවරුන් 450 කට ආසන්න සං ඛ්‍යාවක් සංක්‍රමණය වී ඇති අතර තවත් විශේෂඥයින් 785 දෙනෙකු පුහුණුව සඳහා විදේශගත වීමට යොමුවිය.

මේ වසරේ නැවත මෙරටට පැමිණ ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු පමණක් බව අනාවරණය වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගැන ප්‍රකට කළ දත්ත වැරදි බවද අනාවරණය වේ.වෛද්‍යවරුන්, විශේෂයෙන්ම විදේශයන්හි පශ්චාත් උපාධි පුහුණුව ලබන අය, ආපසු ශ්‍රී ලංකාවට නොපැමිණීමට තීරණය කිරීමේ ප්‍රවණතාවේ පෙරළියක් මතුව තිබේ.

ආපසු පැමිණි විශේෂඥයින් අතළොස්සක් අතර නාරිවේද වෛද්‍යවරයකු (VOG), ශල්‍ය වෛද්‍යවරයකු, නිර්වින්දන වෛද්‍යවරයකු, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු සහ අක්ෂි වෛද්‍යවරයකු ඇතුළත් වෙයි.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපති. වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාපසුගිය වසරේ සංක්‍රමණය වූ වෛද්‍යවරුන්ගේ අතිවිශාල සංඛ්‍යාව අනුව විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු නැවත මෙරටට පැමිණීම ධනාත්මක දියුණුවක් ලෙස සැලකිය නොහැකි බව පැවසීය.

Share with your friends :