27 C
Colombo
16/05/2024

හැම අවුරුද්දෙම ඡන්ද ලේඛන හදන්න කෝටි ගණනක වියදමක්

Share with your friends :

2024 වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම අද( 09 )සිට මැයි දහවෙනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසීය.

ඒ අනුව මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනයට තම නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වූ පිරිස් හට අද සිට මැයි දහවෙනිදා දක්වා ඊට අවස්ථාව සැලසේ .

නම ඇතුලත් කර ගැනීම ග්‍රාම නිලධාරී කාර්යාලය ට හෝ මැතිවරණ කාර්යාලයට හෝ ගොස් කළ හැකි වේ .එසේ නැතිනම් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස නම ඇතුළත් කරගත හැකි බව ඒ මහතා කීය.

වාර්ෂිකව ඡන්ද නාම ලේඛන සකස්කිරීම සඳහා බොහෝ කාලයක් හා විශාල මුදලක් වැය කිරීම බරපතල කාරණයකි. නව ඡන්ද දායකයන් ලියාපදිංචිය සඳහා සරල ක්‍රමවේදයක් භාවිත කල හැකිව තිබියදී ඡන්ද නොපැවැත්වෙන වර්ෂ වල පවා විශාල වියදමක් දරමින් නව ඡන්ද නාම ලේඛන සකස් කිරීම විශාල මුදලක් වය වන කටයුත්තකි.

Share with your friends :