27 C
Colombo
06/05/2024

භාණ්ඩ නවයකට මිල පරාසයක්

Share with your friends :

උත්සව සමයේ ජනතාවට වඩාත් පහසුදායි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ නවයක මිල පරාස ඉදිරිපත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළේය.

ඒ අනුව තිරිගු පිටි කිලෝවක් රුපියල් 189 ත් 208 ත් අතර ද, පරිප්පු කිලෝවක් රුපියල් 312 ත් 327 ත් අතර ද, ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 174 ත් 214 ත් අතර ද, චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 298 ත් 328 ත් අතර ද, සෙසු ලොකු ලූනු කිලෝවක් රුපියල් 349 ත් 384 ත් අතර ද, ආනයනික රතු ලූනු කිලෝවක් රුපියල් 295 ත් 324 ත් අතර ද, රෝස ලූනු කිලෝවක් රුපියල් 333 ත් 366 ත් අතර ද, වියළි හාල්මැස්සන් (තායිලන්ත) කිලෝවක් රුපියල් 869 ත් 955 ත් අතර ද, වියළි මිරිස් කිලෝවක රුපියල් 818 ත් 859 ත් අතර ද, මිල පවතින බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.

Share with your friends :