27 C
Colombo
16/05/2024

විගණනය පාරිභෝගික අධිකාරිය පට්ට ගහයි

Share with your friends :

වෙළඳපොළේ බොහෝ ආනයනික භාණ්ඩ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව රේගුවෙන් නිදහස් කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කරගෙන ඇතත් ඒවා වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනය අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ

සමහර භාණ්ඩ රේගුවෙන් නිදහස් කෙරුණු පසු විවිධ වෙනස් කිරීම්වලට ලක් කෙරෙන බවත් බොහෝ ආනයනකරුවන් රටට ගෙන්වනු ලබන භාණ්ඩ මත වන බදු ගෙවීම පැහැර හැරීමට උත්සාහ දරන බවත් එම අධිකාරිය තොරතුරු අනාවරණය කරගෙන ඇතත් අදාල අංශ ඒවා වැළැක්වීමට ක්‍රියාමාර්ග ගෙන නැතැයි වාර්තාවේ දැක්වේ.

ආනයනකරුවන් භාණ්ඩ මත සලකුණු කරන මිල ගණන්වලට වඩා වැඩි මිලකට එම භාණ්ඩ විකිණෙන බවත් සමාගම් හරහා ලකුණු කරන ලද ලේබල් ගලවා ඉවත් කර වෙනත් ලේබල් අලවා තිබූ බවත් අධිකාරියේ නිලධාරින් නිරීක්ෂණය කර ඇතත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව කියති.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික පැමිණිලි අංශයට ලැබුණු පැමිණිලි නියැදියක් පරීක්ෂා කිරීමේදී ඒවා විසඳීමට වසරකට ආසන්න කාලයක් ගතවී ඇති හෙයින් පැමිණිලිකරුවන්ට සහනයක්වී නොමැති බව විගණන අංශ පෙන්වා දෙයි.

Share with your friends :