27 C
Colombo
19/05/2024

මන්ත්‍රීවරුත් අලුත් වාහන ඉල්ලති

Share with your friends :

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතිබව කතානායක කාර්යාලය පවසයි.

ඒ අනුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කරන ලද ලිපියක් කතානායකවරයා වෙත බාරදි තිබේ.

එම ඉල්ලීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම කාර්යාලය පවසයි.

වසර 10කින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට අවසර ලබාදී නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

වසර 12කට වඩා පැරණි වාහන බොහෝ පිරිසක් භාවිත කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Share with your friends :