27 C
Colombo
19/05/2024

ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න-රනිල්ගෙන් ආරාධනා

Share with your friends :

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරු රැලිය අමතමින් අද (1) පැවසීය.

රැක ගත් ආර්ථිකය කඩා දමන තීරණ ගතහොත් යළිත් ඉන්ධන පෝලිම් සහිත අඳුරු යුගයකට රට ඇද වැටෙන බවද ජනාධිපතිවරයා කීය.

ලංකාවේ හොඳම නැකැත් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට මෙන්ම රටට බව පැවසූ ජනාධිපතිවරයා හැම විටම රට වැටුණු විට ගොඩට ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවද කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ” යළි නොවැටෙන අභිමානවත් රටක්”යන තේමාවෙන් මාලිගාවත්තේදී එජාප මැයි දින සමරු රැළිය පැවැත්විණි.

දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාවගෙන් මාලිගාවත්ත ප්‍රදේශය පිරී ගොස් තිබූ අතර මාලිගාවත්තට පිවිසෙන සියලුම මාර්ග ඔස්සේ පෙළපාලි වලින් පාක්ෂිකයන් රැස්වීම් භූමියට පැමිණෙන අයුරු දැක ගත හැකි විය.

Share with your friends :