27 C
Colombo
19/05/2024

ආණ්ඩුව විසුරුවන බවට තොරතුරු ?

Share with your friends :

එළඹෙන පහළොස්වැනිදා හෝ ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡාවෙමින් ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් රජය තුල ප්‍රධාන වශයෙන් මත දෙකක් පවතී. ඒ මුලින් මහා මැතිවරණයකට ය යුතු බවට හා මුලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවටය. මේ අතර මේ දෙකම එකම දිනයක පැවැත්වීම සම්බන්ධයෙන්ද යෝජනා ඉදිරිපත්වී ඇත. මහා මැතිවරණයේ ප්‍රතිපල මත නව ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඒ හරහා රටේ ප්‍රශ්න විසඳා ගැනීම සුදුසු බව බොහෝ පක්ෂවල මතයවී තිබේ.

නමුත් රජය ඉහළ පෙලේ ප්‍රකාශකයේ සඳහන් කළේ ජූනි මස දෙවැනි සතිය දක්වා කිසිසේත්ම වර්තමාන පාර්ලිමේන්තුව විසිරීමක් සිදු නොවනු ඇති බවයි.
නව විදුලි බල පනත සම්මත කරගැනීම ජුනි මස මුල් සතියේ සිදු කර ගත යුතුව ඇතිව ඇති නිසා ඊට පෙර කිසිම හේතුවක් මත මැතිසභය විසුරුවා හැරීමක් සිදු නොවනු ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉන් පසුවද ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති අතර වේලාසන පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමක් සිදු නොවනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් මේ ඇතැම් පනත් සඳහා සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර මතභේද පවතී.

Share with your friends :