27 C
Colombo
19/05/2024

අනධ්‍යන නමට මුවාවී වැටුප් වැඩිකර ගන්න සටනට රජයේ උපාධිධාරීන්ගේ විරෝධය

Share with your friends :

දැනටත් ලක්ෂ ගණනින් වැටුප් හා දීමනා ලබන විශ්ව විදායල අනධ්‍යන කාර්ය මණ්ඩල වලට වැටුප් වැඩි කරන්නේ නම් ඊට සාපේක්ෂව රජයේ උපාධිධාරීන්ගේ ද වැටුප් වැඩිකලයුතු බව රජයේ උපාධිධාරීන්ගේ එකමුතුව පවසයි
රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.
විශ්ව විද්‍යාලවල රෙජිස්ටාර් වරුන්ගේ සිට ලිපිකරු , රියදුරු , කම්කරු ආදී සියලු ශ්‍රේණි අයත්වන්නේ මේ අනධ්‍යන කාර්ය මණ්ඩල වලටය. රජයේ සාමාන්‍ය උපාධිධරියකුගේ දීමනා හා වැටුප්වල එකතුව රුපියල් පනස්දහසක් පමණවේ. රජයේ සාමාන්‍ය ලිපිකරුවෙකුගේ දීමනා සහිත වැටුප රුපියල් හතලිස් දහසක් පමණවේ. සාමාන්‍ය රජයේ කම්කරුවෙකුගේ දීමනා සහිත වැටුප රුපියල් තිස්පන්දහසක් පමණවේ. එහෙත් මේ අනධ්‍යන කාර්ය මණ්ඩල නාමය නිසා විශ්ව විද්‍යාල වල කම්කරු ,රියදුරු , ලිපිකරු වැටුප් හා දීමනා වල එකතුව රුපියල් ලක්ෂයත් එකහමාරත් අතර වේ.
රටේ පොදු ශ්‍රේණි සඳහා වැටුප් වැඩිවීමක් ලබා දෙනු වෙනුවට මෙසේ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා බව පවසමින් වැටුප් ලබාදෙන්නට යාම ජාතික අපරාධයකි.
මේ අනධ්‍යන කාර්ය මණ්ඩලවල ඇතැමුන්ගේ සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදය ගැන බරපතල ප්‍රශ්න තිබේ. ඇතැමුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ ප්‍රශ්න ඇත. ඇතැම් අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම සාමාන්‍ය පෙළ විෂයන් හයක් සමත්වීම පමණි.විශ්ව විද්‍යාල රැසක පිරිසිදු කිරීමේ කටයුතු පුද්ගලික අංශයට පවරාදීම නිසා ඇතැම් අනධ්‍යන සේවකයන් කරන්නේ පන්ති කාමර විවෘත කිරීම හා වසා දැමීම පමණක් බව පැවසේ. මේ නිසා මේ පිරිස් වල වැටුප් වැඩි කිරීම සමස්ත රාජ්‍ය සේවයට කරන දැඩි අසාධාරණයකි. ඔවුන් ඊට එරෙහිව වැඩ වර්ජන වල යෙදෙන්නේ නම් රජයට බඳවා ගෙන ඇති අතිරික්ත උපාධිධාරීන් යොදවා එම කටයුතු සිදු කරගන්නට රජයට හැකියාව තිබේ.

ඒ අනුව මැයි මස 08 වනදා විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මොවුන්ගේ වැටුප් හා කාර්යයන් ,සුදුසුකම් පිලිබඳ නිසි සොයාබැලීමකින් තොරව මෙම වැටුප් වැඩිවීම් ලබා දුනහොත් එය රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා රැසකට මගපාදනු ඇත.

Share with your friends :