27 C
Colombo
19/05/2024

ජාතික ආණ්ඩුවකට කබීර් සූදානම්

Share with your friends :

පක්ෂ දේශපාලන පැත්තකින් තබා ජාතික ආණ්ඩුවක් බිහි කළ හැකි නම් එය රටේ යහපතට හේතුවනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා සඳහන් කරයි.

නමුත් නිල නොවන මැතිවරණ කාලයක් ලෙසින් පවතින කාලයක පොදු අරමුණක් වෙනුවෙන් දේශපාලන පක්‍ෂය එකඟවනු ඇතිදැයි ප්‍රශ්නයක් පැන නගින බවද හෙතෙම කියා සිටියි.
ජාතික අභිලාෂයන් වෙනුවෙන් ඒකාබද්ධ වන්නයි ජනාධිපතිවරයා මැයි දින කළ ආරාධනාව ගැන කළ විමසුමකට ප්‍රතිචාර ලෙස හෙතෙම මේ බව පැවසුවේය.
ජනාධිපතිගේ ආරාධනය ගැන නිල මතය ප්‍රකාශ කළ යුත්තේ පක්ෂ නායකයන් අභ්‍යන්තර සාකච්ඡාවකින් පසුව බවත් හෙතෙම කියා සිටියි.
කෙසේ නමුත් රට අද ඇත්තේ දරුණු අර්බුද සමයක බවත් පැවසූ ඔහු රටේත් ජනතාවගේත් යහපත වෙනුවෙන් තවත් අවුරුදු පහක් වුවද ඉවසා සිටීමට තමන්ට හැකි බවද ඒ මහතා කියා සිටියේය.

සැබැවින්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය අතහැරී අවස්ථාවේ වුවද කවර හෝ හේතු මත එම අවස්ථාව ගිලිහී ගිය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Share with your friends :