27 C
Colombo
08/06/2026

ඉන්දියාවෙන් ප්‍රජා සංවර්ධනයට රුපියල් මිලියන 600ක ආධාර

Share with your friends :

ඉන්දීය ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන 600කට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා ඇතිකර ගෙන තිබේ.
මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මෙම ගිවිසුම අත්සන් කර තිබේ.
මෙම ගිවිසුම 2005 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ දි පළමුවරට අත්සන් තබා ඇති අතර එය සෑම වසර 05කට වරක් දීර්ඝ කරමින් යළි අත්සන් කරනු ලබයි.
මෙම ගිවිසුමට අදාළව විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 300 ඉක්මන අතර හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන් රථ සේවය, නිවාස ව්‍යාපෘති, නව යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු ඒ ඔස්සේ ක්‍රියාත්මකය.දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති නව ගිවිසුමට අනුව අඛණ්ඩව පවත්වාගෙන යාම සිදුවනු ඇත.

Share with your friends :