27 C
Colombo
11/05/2026

පෞද්ගලික අංශයේ විශ්‍රාම කාලය දික් කිරීමේ යෝජනාව සම්මතයි

Share with your friends :

පෞද්ගලික සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස 60 දක්වා වැඩි කිරීමට ප්‍රතිපාදන සැලසෙන සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙයට අමතරව කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝගය, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නියෝග ද සංශෝධන සහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ.

මෙම විවාදයේ දී විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට අධික සංඛ්‍යාවක් අදහස් දැක්වූහ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහත්වරු විවාදයේ පිළිතුරු කතා පැවැත්වූහ.

Share with your friends :