27 C
Colombo
13/05/2026

උද්දච්ඡ මානසිකත්වයකට මේ අභියෝගය ජයගන්න බෑ – විමල්

Share with your friends :

පවතින අර්බුදකාරී තත්ත්වය ගැන කඩිනමින් විශේෂඥ සහය ලබාගතයුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

දේශපාලන පක්ෂ 11ක සහභාගීත්වයෙන් අද ”මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය” එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා
“කාපට් කරපු පාරවල් තියෙනවා. තාමත් කාපට් කරනවා. කාපට් එක උඩින් තව කාපට් කරනවා. හැබැයි පාරේ වාහනේ යන්න තෙල් නැතිවෙනවා. කාපට් එක තියෙනවා. කාපට් පාර තිබ්බට ඒ පාරේ යන වාහනේට තෙල් ටික නැත්නම් පාර කන්න ද. ආණ්ඩුවක් තියෙනවා මේ තත්ත්වය ගැන බැරෑරුම් සාකච්ඡාවකින් තොරව. පාලකයෝ ඉන්නවා මේ තත්ත්වය ගැන බැරෑරුම් අවධානයකින් තොරව. මේකෙන් ගොඩ එන්න ප්‍රධාන පියවර කිහිපයක් ගන්න ඕනේ. පළමුකොටම විශේෂඥ සහය ගන්න ඕන. තමන්ට මේ සියල්ල තේරෙනවා. මගේ මොළෙයි ඉතුරු තව හයයි මේ ඔක්කොම තියෙනවා ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ මට මොකටද විශේෂඥ සහය. මම හිතන විදියට ඔක්කොම වෙනවා නම්. ඒ මදෑ. ඒ උද්දච්ඡ මානසිකත්වයකට මේ අභියෝගය ජයගන්න බෑ. හදන්න ඕන ප්ලෑන් එකක්. සැලැස්මක්. ඒ සැලැස්ම අතට අරගෙන යන්න ඕන ණය දීපු අය හම්බවෙන්න. ගිහිල්ල කියන්න ඕන උඹල කියන විදියට දැන් වාරිකය ගෙවන්න බෑ. අපිට ගෙවන්න පුළුවන් අපි හදපු සැලැස්මක් තියෙනවා මේක පිළිගනින් කියලා. කෝ ඒ සාකච්ඡාව. මහ බැංකුවේ අධිපතිතුමා කියනවා මාස 6ක් තිස්සේ මේ තත්ත්වය හමුවේ ගතයුතු පියවර නිර්දේශ කරලා මම ලිපි 9ක් ඇරියා. මම යෝජනා ඇරියා එකකටවත් කිසිම ප්‍රතිචාරයක් නෑ කියලා. හම්බවෙන්න වෙලාවක් නෑ මුදල් ඇමතිතුමාව. මෙච්චර විදේශ විනිමය අර්බුදයකින් පීඩා විඳින රටක මහබැංකු අධිපති මුණගැහෙන්න මුදල් ඇමතිට වෙලාව නැත්නම් එක්කෝ මේක කෙළවාගන්න ඉඩදී බලා සිටිනවා.”

“අද කළු සල්ලි ඩොලර් වෙළෙඳපොලක් හැදිලා ප්‍රබල වෙලා. මෙම ලෝකේ මොන රටකවත් කිසිම මුදල් ඇමතිකෙනෙක්ගෙන් අහලා නෑ කළු සල්ලි මාකට් එක ප්‍රවර්ධනය කරන. මේ වෙලාවේ මේ කළු සල්ලි මාකට් එක පුළුවන් තරම් ප්‍රවර්ධනය නෙවෙයි ඒකෙ ක්‍රියාකාරිත්වය දුර්වල කරන්න ඕන. නිත්‍යානුකූල මාවතෙන් සල්ලි එන්නේ නෑ. දකුණු කොරියාවේ රැකියාව කරන තරුණ දරුවෝ. සියයට 90ක් සල්ලි එවන්නේ උන්ඩියල් වලින්. බැංකු පද්ධතියට හැරෙන ඩොලර් ටික හිඳෙනවා. හොර පාරෙන් යන ඩොලර් ගඟ තර වෙනවා. ඒකට එහෙම වැඩෙන්න දීලා බලන් ඉන්නවා. මේ අපේ රට එක්කයි සෙල්ලම් කරන්නේ. අපිට ඩබල් රටවැසිභාවයක් නෑ. එකයි තියෙන්නේ. ඉන්නහරි මැරෙන්න හරි ඔක්කොම තියෙන්නේ මෙතන.”

Share with your friends :