27 C
Colombo
10/03/2026

අරගලයේ ක්‍රියාකරුවකුගේ සිරුරු බෝඩිමෙන් හමු වේ

Share with your friends :

අරගලේ ප්‍රධාන ක්‍රියාකරුවකුගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මුල්ලේරියාව බෝඩිමකින් සොයාගත් බව මුල්ලේරියාව පොලීසිය කියයි.

නාත්තන්ඩිය මයිලව දුටුගැමුනු මාවතේ පදිංචි බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති (28) හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය පෙරලාදැමීම සඳහා ක්‍රියාත්මක ගෝල්පේස් අරගලයේ පෙරමුණේ සිටි ක්‍රියාකරුවකු බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

ගෝල්ෆේස් අරගලයේ පළමු අට්ටාලය ඉදි කළ පුද්ගලයා මොහු බවත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති සංගීත ප්‍රසංගයක නිවේදකයා වූයේ මොහු බවට තොරතුරු අනාවරණය වූ බවත් වාර්තා වේ

මුල්ලේරියාවේ තාවකාලික බෝඩිමක වාසය කර ඇති අතර දිවිහානි කර ගෙන ඇති බවට පොලිස් හදිසි ඇතැමුම් ඒකකයට පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් එම නිවෙසට ගොස් පරික්ෂා කිරීමේදී ඇඳ මත උඩු බැලි අතට වැටී මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

Share with your friends :